අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 148
ද්‍රාවිඩ
වි. ද්‍රවිඩයන්ට සම්බන්ධ (සං. ද්‍රාවිඩ)
ද්‍රැත
වි. ඉක්මන්; ශීඝ්‍ර (සං. ද්‍රැත)
ද්‍රැමය
නා. ගස; වෘක්ෂය (සං. ද්‍රැම)
ද්රේෂ්කාණය
නා. ජ්‍යෝතිෂයේ දී රාශියකින් තුනෙන් කොටසක් වන ප්‍රමාණය; 10ං ක ප්‍රමාණය (සං. ද්‍රේෂ්කාණ)
ද්‍රෝණ
නා.ප්‍ර. මිනුම් ප්‍රමාණයක නාමය; ලාස් හතර (සං. ද්‍රොණ)
ද්‍රෝණිය
නා. විශාල භාජනය/ මිනී පෙට්ටිය; දෙණ/ දෙණිය/ ඔරුව (සං. ද්‍රොණි)
ද්‍රෝහි
වි. එදිරිවාදී වූ; සතුරු (සං. ද්‍රොහි)
දාක්ෂිණ්‍ය
වි. කාරුණික ව අවනත වන ස්වභාවය (සං. දාක්ෂිණ්‍ය)
දාඨාධාතුව
නා. දන්ත ධාතුන් වහන්සේ (පා. දාඨාධාතු)
දානෝපකරණ
නා.බහු. දානය පිළියෙල කිරීමට උවමනා ද්‍රව්‍ය (පා. දානොපකරණ)
දාරකාභිවෘද්ධිය
නා. දරුවන්ගේ සුභ සිද්ධිය
දාරණය
නා. පැළීම; විදාරණය (සං. දාරණ)
දාර්ශනික
වි. දර්ශන ශාස්ත්‍ර විෂයයෙහි නිපුණත්වයක් ඇති (සං. දාර්ශනික)
දාරුණ
වි. දරුණු; බිහිසුණු (සං. දාරුණ)
දාවාග්නිය
නා. වනයෙහි ඉබේ හට ගන්නා ගින්න; ළැව් ගින්න (සං. දාවාග්නි)
දැකුම්කලු
වි. දැකීමට ප්‍රිය උපදවන
දැඩිමුණ්ඩ
නා.ප්‍ර. ශ්‍රී ලාංකික දෙවියකුගේ නාමය
දැනමිති
වි. කටයුතු නොකටයුතු වැටහෙන
දැනුම
නා. යම් දෙයක් පිළිබඳ දැන උගත්කම
දැපෙනවා
ක්‍රි. ආඩම්බර වෙනවා/ නිරත වෙනවා/ තරයේ සිත් ඇද ගන්නවා (සං. දෘප්යති)
දැල
නා. ජාලය (පා. සං. ජාල)
දැල්ල
1. නා. දැවී ඉතිරි වූ දෙය; දැලි (පා. ජල්ලිකා සං. ජල්‍ය) 2. ගින්නෙන් ඉහළට නැගෙන දලුව/ ගිනි දලුව (පා. ජාලා සං. ජ්වාල)
දැලි
නා.ප්‍ර. දැව, ගල් අඟුරු, තෙල් ආදිය දැවීමේ දී නැගෙන දුමින් යම් යම් දේවල තැවරෙන කළු ද්‍රව්‍යය (පා. ජල්ලිකා සං. ජල්‍ය)
දැලි වළන්
නා.ප්‍ර. කෑම පිසීමෙන් කළුවන් වූ වළන්