දැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැවී ඉතිරි වූ දෙයක අඟුර.
2. නා. ගින්නෙන් ඉහළට නැඟෙන දලුව; ගිනි දලුව; ගිනිගත් වායු කලාපය.
3. නා. ලෝහ ආයුධ තල මුවහත් තැබීමට පීරි ගෑමේ දී මුවහතේ මතු වන තුනී සිහින් පටලය.
4. (කථා.) නා. සමහර මැණික් ගල් තුළ පෙනෙන අඳුරු ඡායාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. දැවී ඉතිරි වූ දෙය; දැලි (පා. ජල්ලිකා සං. ජල්‍ය) 2. ගින්නෙන් ඉහළට නැගෙන දලුව/ ගිනි දලුව (පා. ජාලා සං. ජ්වාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. flame