සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 820
දැය
1. නා. උපත; ඉපදීම.
2. නා. කුලය; වංශය; ජාතිය; ප්‍රජාව.
3. නා. ද්‍රව්‍යය; දෙය; කාරණය; කරුණ.
4. නා. කාර්යය; ක්‍රියාව.
5. නා. සමූහය.
දැයඳු
[දැ + අඳු]
නා.ප්‍ර. උපතින් ම අන්ධ වූ තැනැත්තා; ජාත්යන්ධයා.
දැයරු
වි. රත්රන්; ස්වර්ණ; ජාතරූප.
දැරටිය
නා. දිය කළය; පැන් තලිය.
දැරඬි කරනවා
ක්‍රි. කල් දමනවා; අතපසු කරනවා; ප්‍රමාද කරනවා.
දැරැහැ සන්නිය
නා. සන්නියකාගේ එක් අවතාරයක්.
දැරි ඇති
වි. කුසෙහි දරුවකු දරන; බඩදරු; ගර්භණී වූ.
දැරිය
නා. ගැහැණු දරුවා; දාරිකාව; ළාබාල ස්ත්‍රිය.
දැරූ
වි. කෙට්ටු; දිරාගිය; කෘශ.
දැල
1. නා. නූල් ලණු කම්බි ආදියෙන් විවර හෙවත් ඇස් සහිත ව වියා ගනු ලබන්නක්.
2. නා. මකුළු ආදි සතුන් ගොදුරු අල්ලා ගැනීමට උගුලක් ලෙස අටවාගනු ලබන වියමන.
3. නා. සිහින් සිදුරු සහිත සිනිඳු රෙද්ද; දුහුල.
4. නා. යුදට අඳින හැට්ටය; සන්නාහය; කවචය.
5. නා. යමකු බැඳ ගැනීමට අටවන උගුල; මායාව; ප්‍රයෝගය.
6. නා. එකිනෙකට කතිර කැපෙන සේ අඳින ලද ඍජු රේඛා වලින් පිළියෙල කළ මෝස්තරය.
දැල්
1. නා.ප්‍ර. සිදුරු සහිත ව වියන ලද්ද; ජාලාව; දැල.
2. නා.ප්‍ර. සුවඳවත් ඖෂධ ද්‍රව්‍යයක්; කස්තුරි.
දැල් ඇස
නා.ප්‍ර. දැලක හරස් නූල් අතර විවරය; දැලේ සිදුරු අතුරෙන් එකක්.
දැල් කවුළුව
නා. දැලක ආකාරයට සිදුරු සිටින සේ කළ කවුළුව; ජාලාකවාටය.
දැල් ගසනවා
1. ක්‍රි. කවුළු, කපොලු, වට ආදියට දැල් සවි කරනවා.
2. ක්‍රි. සතුන් ඇල්ලීමට දැල් දමනවා.
දැල් දමනවා
1. ක්‍රි. මසුන් කුරුල්ලන් වැනි සතුන් අල්ලා ගැනීමට දැල දිගහැරී වැටෙන සේ විසි කරනවා.
2. ක්‍රි. උගුල් අටවනවා; අයුතු සබඳකම් ඇති කරනවා; අමාරුවේ දමනවා.
දැල් බානවා
1. (කථා.) ක්‍රි. දැල් සාදනවා; දැල් ගොතනවා.
2. ක්‍රි. දැල් දියත් කරනවා; දැල් දමනවා.
දැල්කා
නා.ප්‍ර. කූඩැල්ලා; පූඩාවා.
දැල්පණම්
නා.ප්‍ර. පෘතුගීසි යුගයෙහි මසුන් මරන්නන්ගේ දැල් වෙනුවෙන් අය කළ බද්දක්.
දැල්පන්
නා.ප්‍ර. දැල සහ ඊට නිසි උපකරණ; මසුන් මැරීමට ගන්නා දැල් බිලීකටු ආදිය.
දැල්ල
1. නා. දැවී ඉතිරි වූ දෙයක අඟුර.
2. නා. ගින්නෙන් ඉහළට නැඟෙන දලුව; ගිනි දලුව; ගිනිගත් වායු කලාපය.
3. නා. ලෝහ ආයුධ තල මුවහත් තැබීමට පීරි ගෑමේ දී මුවහතේ මතු වන තුනී සිහින් පටලය.
4. (කථා.) නා. සමහර මැණික් ගල් තුළ පෙනෙන අඳුරු ඡායාව.
දැලි
1. නා.ප්‍ර. දෙකෙන් පංගුව; අඩ; අර්ධය.
2. නා.ප්‍ර. හඳ පලුව; අඩසඳ.
3. නා.ප්‍ර. පැළෑටිවල අංකුරය; මොටියා.
4. නා.ප්‍ර. ළපටි නෙළුම් පත; නෙළුම් දලුව.
5. නා.ප්‍ර. දුම් වැදීමෙන් බැඳෙන කළු පැහැති කුඩු; කාබන් සහිත ද්‍රව්‍ය පිළිස්සීමේ දී ලැබෙන කළු කුඩු.
දැලි අකුර
නා. කළු අකුර; අඟුරෙන් හෝ පහන් දැලියෙන් ලියූ අක්ෂරය.
දැලි ගත්තා
නා. දැලක් අතින් ගත් තැනැත්තා; කුරුල්ලන් අල්ලන්නා.
දැලි ගානවා
1. ක්‍රි. දැලි, අඟුරු කුඩු, කළු තීන්ත ආදිය ආලේප කරනවා; දැලි තවරනවා; අපිරිසිදු කරනවා.
2. ක්‍රි. (රූඪි.) අපහාස කරනවා; අවනම්බු කරනවා; පරිභව කරනවා; අවමාන කරනවා.