සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 821
දැලි දිය
1. නා. දැලි හෝ අඟුරු මිශ්‍ර ජලය; දැලි දිය කළ කළු වතුර.
2. නා. ඩාදිය; ස්වේද.
දැලි නූල
නා. දැලි මිශ්‍ර දියෙන් පොඟවා ගත් නූල; දැව මත දැලි ඉරි ලකුණු කරන කළු ලණුව.
දැලි පල්ල
(කථා.) නා. දැලිවළන් තැබීමට ගන්නා වැල් ආදියෙකින් තනාගත් වළල්ල; දරණුව.
දැලි පාත්තරය
නා. දුම්වැටි ආදියේ අළු (දැල්ල) කඩා දමන භාජනය; අළු බඳුන.
දැලි ලෑල්ල
(පාරිභා.) නා. දැලි හෙවත් කාබන් තැවරූ පුවරුව (=carbon board).
දැලි වළන්
(කථා.) නා.ප්‍ර. කෑම පිසීමෙන් දැලි බැඳුණු හැළි වළන් ආදිය.
දැලිඅඟුරු
නා.ප්‍ර. දර ලිපෙහි ගින්දරවලින් සෑදෙන කළු පැහැති ද්‍රව්‍යය; දැලි.
දැලිපුස්
නා.ප්‍ර. පැළවල බෝවෙන ‛කුඩිත්තන්' ස්රාවය කරන ශර්කර ද්‍රාවණයක් නිසා කොළවල පිට පැත්තේ සෑදෙන කළු පාට දිලීර; කළු පුස්.
දැව
1. නා. ලී කඳක් ඉරා නැතහොත් වෑයෙන් සැස සකස් කළ ලී.
2. නා. ද්‍රව්‍ය; වස්තුව.
3. නා. ජවය; වේගය; ධාවනය; දිවීම.
වි. විශාල; ලොකු; දැවැන්ත.
දැව කර්මාන්තය
නා. ලී දඬු සැකසීම, සැපයීම වැනි කාර්ය; දාරු කර්මාන්තය.
දැව මස්ස
නා. ලී තල්පත් ආදියෙහි රාජ්‍ය මුද්‍රාව යෙදීමෙන් සකසා ගත් පුරාණ කාසියක්.
දැවකඩ
1. නා.ප්‍ර. බාල්කය; තලාඳය.
2. නා.ප්‍ර. ලීය; ලී කොටය; දාරු ඛණ්ඩය.
දැවකම්
නා. ලී දඬුවලින් කරනු ලබන කාර්ය; වඩුකම්; දාරු කර්මය.
දැවටි
නා.ප්‍ර. භික්ෂූන් දත් මැදීමට ගන්නා සිහින් කෝටුව; දැහැටි.
දැවතලාම්
නා.ප්‍ර. ලීයෙන් තැනූ හරස් බාල්කය; තලාඳය.
දැවමුවා
වි. ලීයෙන් තනන ලද.
දැවැන්ත
වි. විශාල; මහත්; යෝධ.
දැවිය
1. නා. ආහාර පිසීම ආදි කටයුතුවල දී භාවිත කරන දිග මිටක් හා බොකු තලයක් ඇති උපකරණය; හැන්ද; සරළුව.
2. නා. (රෝදයක) ගරාදිය; දැත්ත; දාරය.
දැවුතෙල
නා. දුම්තෙල්; ගිතෙල්.
දැවෙන උෂ්ණත්වය
(පාරිභා.) නා. යමක් ගිනි ගැනීම ආරම්භ වීම සඳහා ලබා දිය යුතු උෂ්ණත්වය; ජ්වලන උෂ්ණත්වය. (=ignition temperature).
දැවෙන ප්රශ්නය
නා. වහාම විසඳිය යුතු උග්‍ර ප්රශ්නය; බැරෑරුම් ප්රශ්නය.
දැවෙනවා
1. ක්‍රි. දැවීම කෙරෙනවා; දවනු ලබනවා.
2. ක්‍රි. ක්‍රීඩා වාරය අහිමි වෙනවා; දැවී යනවා.
දැස්ස
නා. දාස ස්ත්‍රිය; මෙහෙකාරිය.
දැසි
වි. සමාන; තුල්‍ය; සදෘශ.