සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 822
දැසිදස්
නා.ප්‍ර. මෙහෙ කරන ස්ත්‍රී පුරුෂ (පිරිස); දාසි-දාස (පිරිස); සේවක-සේවිකා.
දැහැ
1. නා.ප්‍ර. වස්ත්‍ර ඇතිරිලි ආදියේ වාටිය; දාරය.
2. නා.ප්‍ර. ඇස් දෙක; දෙඇස; දෑස.
දැහැටි
නා.ප්‍ර. දත් මැදීම සඳහා එක් කොණක් තලා අනික් කොණ උල් කොට සාදා ගන්නා සිහින් කෝටු විශේෂය; දැහැටි කූර.
දැහැටි කනවා
ක්‍රි. දැහැට්ටෙන් උලා දත් හා කට පිරිසිදු කරනවා.
දැහැටිපැල්
නා.ප්‍ර. භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා දැහැටි රැස් කර තබන කිළිය; දැහැටි කිළිය.
දැහැඩි
වි. සැඬ; රළු; ක්‍රෑර.
දැහැත්
නා.ප්‍ර. බුලත්.
දැහැත් අත
(කථා.) නා. කොළ 40 කින් යුත් බුලත් කොළ සමූහය; බුලත් හුරුල්ල.
දැහැත් වට්ටිය
නා. දැහැත් විටට අවශ්‍ය ද්‍රව්‍ය බහාලූ වට්ටිය.
දැහැත්විට
නා. බුලත්, පුවක්, හුණු ආදියෙන් යුක්තව භික්ෂුන් වහන්සේලාට සැපීමට පිළිගන්වන විට; බුලත්විට.
දැහැන
1. (අභි.) නා. යෝගාවචරයන් විසින් භාවනා වශයෙන් පිහිටුවා ගනු ලබන චිත්ත සමාධිය; ධ්‍යානය.
2. (කථා.) නා. ආරක්ෂාව පිණිස සිහි කරන හෝ ජප කරන මන්ත්‍ර විශේෂයක්.
දැහැමි
වි. ධර්මානුකූල.
දැහැමින් සෙමින්
ක්‍රි.වි. ධර්මයෙන් හා සාමයෙන් යුතුව; ධර්මානුකූලව හා සමගි සම්පන්න.
දැහැවි
වි. කිපුණු; උදහස් වූ; අමනාප වූ; ද්වේෂ සහගත වූ.
දැහැවිල්ල
නා. උදහස; කෝපය; තර්ජනය.
දැහැළිය
නා. සේදීම; ශෝධනය; ඔප දැමීම.
දැළි
නා. පුරුෂයන්ගේ උඩු තොලෙහි ද, දෙ කොපුල්හි ද, නිකටෙහි ද වැඩෙන රෝම; රැවුල.
දැළිපිහිය
නා.ප්‍ර. රැවුල කපන උපකරණය; කරකැත්ත; බුරය.
දැළිරොද
නා.ප්‍ර. වැඩී එන රැවුල් ගස් කැටිය; රැවුල.
දැළිවල්ල
නා. නිකටෙහි වැඩුණු රෝම රාශිය; යටි රැවුල.
දැළිවලුමෙහෙ
නා.ප්‍ර. රැවුල බෑමේ සේවය.
දෑ
1. නා. ඉපදීම; ජාතිය.
2. නා. ද්‍රව්‍යය.
දෑ අඳ
වි. උපතින් අන්ධ වූ.