සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 823
දෑකම්
නා.ප්‍ර. දරුවකු උපන් මොහොතෙහි සිදු කරන (රන් කිරි කටගෑම් ආදි) මංගල චාරිත්‍ර විධි; ජාත කර්ම.
දෑකැත්ත
නා. ගොයම් කැපීමට ගන්නා වක් ආයුධය; දාත්රය; දාත්තය; දාකැත්ත.
දෑකැතිවාරම්
නා.ප්‍ර. දෑකැත්තෙන් ගොයම් කැපීමේදී කියන වාරම් කවි.
දෑගසවු
[දෙ + අගසවු]
නා.ප්‍ර. බුදුවරයකුගේ අග්‍රශ්‍රාවක රහතන් වහන්සේ දෙනම.
දෑගොත්
නා.ප්‍ර. උපන් කුලය හා පරම්පරාව; ජාති ගෝත්‍ර.
දෑඟිලි
[දෙ + ඇඟිලි]
නා.ප්‍ර. ඇඟිලි දෙක
දෑඟුල්
[දෙ + ඟුල්]
නා.ප්‍ර. අඟල් දෙක; දෑඟුල.
දෑඩිය
දෑත
[දෙ + අත]
1. නා. දෙ අත; හස්ත යුගලය.
2. නා. දෙ අත්ල; දොහොත.
3. නා. (දෙපැත්ත) පැති දෙක; දෙපස.
4. (කථා.) නා. වාර දෙක; දෙ පාර; දෙ විට; දෙ වතාව.
දෑත් කඩුව
නා. දෙපැත්තෙහි ම මුවහත් සහිත කඩුව.
දෑතුර
[දෙ + අතුර]
1. නා.ප්‍ර. (කාල සීමා) දෙකක අන්තරය.
2. (පාරිභා.) නා.ප්‍ර. යම්කිසි වස්තු දෙකක් අතර ඇති පරතරය.
දෑමුගු
නා.ප්‍ර. උපතින් ම ගොළු තැනැත්තා; උපන් ගොළුවා; ජාතිමූගයා.
දෑරඟමිණ
නා. කපා ඔප දැමීමක් නොමැති ව ස්වභාවයෙන් ම කාන්ති විහිදුවන මැණික; ජාති රංග මාණික්‍යය.
දෑරන්
නා.ප්‍ර. රත්රන්; කනක; ස්වර්ණ.
දෑලපත
[දෙ + ඇලපත]
නා. ශරීරයේ කිසිලි දෙකට පහතින් ඉඟ පෙදෙස දක්වා පිහිටි පැති දෙක; ඇලපත් දෙක.
දෑලය
දෑවර
[දෙ + ඈවර]
1. නා. අහවර හෙවත් කෙළවර කිරීම් දෙක.
2. නා. වාර දෙක; දෙවතාව.
දෑවාණ
නා.ප්‍ර. දිලිසෙන පාෂාණ විශේෂයක්; පළිඟු; ස්ඵටික.
දෑවැද්ද
නා. විවාහයේ දී මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාට ලැබෙන දේපළ; දායාදය.
දෑවිරිදි
දෑස
දෑස් කන්නාඩි
(පාරිභා.) නා.ප්‍ර. ඇස් දෙක ම යොදා බැලිය හැකි දුර දර්ශක කන්නාඩි විශේෂය (=binocular).
දෑස් දල්වනවා
ක්‍රි. ඇස් දෙක විදහනවා; දෑස පළල් කරනවා.
දෑහුර
නා. අහුරු දෙක; ඇඟිල් පස විහිදා අත්ලෙන් අල්ලා ගන්නට පිළිවන් ප්‍රමාණය මෙන් දෙගුණය.