දැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙකෙන් පංගුව; අඩ; අර්ධය.
2. නා.ප්‍ර. හඳ පලුව; අඩසඳ.
3. නා.ප්‍ර. පැළෑටිවල අංකුරය; මොටියා.
4. නා.ප්‍ර. ළපටි නෙළුම් පත; නෙළුම් දලුව.
5. නා.ප්‍ර. දුම් වැදීමෙන් බැඳෙන කළු පැහැති කුඩු; කාබන් සහිත ද්‍රව්‍ය පිළිස්සීමේ දී ලැබෙන කළු කුඩු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දැව, ගල් අඟුරු, තෙල් ආදිය දැවීමේ දී නැගෙන දුමින් යම් යම් දේවල තැවරෙන කළු ද්‍රව්‍යය (පා. ජල්ලිකා සං. ජල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carbon
2. n. smut
3. n. soot