අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 149
දැහැන
නා. චිත්ත සමාධිය; ධ්‍යානය (පා. ඣාන සං. ධ්‍යාන)
දැළි
නා.ප්‍ර. උඩු රැවුල (පා. දාඨිකා)
දැළි පිහිය
නා. හිසකේ හා රැවුල් කපන උපකරණය; කරකැත්ත
දැළි රැවුල
නා. පිරිමින්ගේ දෙකොපුලෙහිත් නිකටෙහිත් උඩුතොලට ඉහළිනුත් ඇති රෝම රාශිය; රැවුල
දෑඟිලි
නා.ප්‍ර. ඇඟිලි දෙක
දෑරඟමිණ
නා. කපා ඔප දැමීමක් නොමැති ව ස්වභාවයෙන් ම කාන්ති විහිදුවන මැණික
දෑලය
නා. යමක වම්පස හෝ දකුණුපස; දෙපැත්ත
දෑවාණ
නා.ප්‍ර. දිලිසෙන පාෂාණ විශේෂයක්; පළිඟු (සං. ජාතිපාෂාණ)
දිගංශය
නා. රේඛාවක් හෝ ආකාශ වස්තුවක් හෝ අන්තර්ගත තිරස් තලය හා මධ්‍යාහ්න රේඛා තලයන් අතර ඇති කෝණය
දිගන්තය
නා. දිශා කෙළවර; දුර බැහැර ප්‍රදේශය (සං. දිගන්ත)
දිගාමඬුල්ල
නා. නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රදේශයක නාමය
දිට්ඨ
වි. දුටු; දක්නා ලද (පා. දිට්ඨ)
දිට්ඨධම්මවේදනීය
වි. මෙලොව විපාක දෙන (පා. දිට්ඨධම්මවෙදනීය)
දිදාලය
නා. ගෙත්තම් කිරීමේ දී ඇඟිලි තුඩේ ආරක්ෂාවට දමන ලෝහ කොපුව (පුර්. dedal)
දින දර්ශනය
නා. කැලැන්ඩරය
දිනකර
නා.ප්‍ර. හිරු; සූර්යයා (පා. සං. දිනකර)
දිනචර්යාව
නා. දවසේ කළ යුතු වැඩ කටයුතු (සං. දිනචර්යා)
දිනනවා
ක්‍රි. ජය ගන්නවා
දිනමිණ
නා. හිරු; සූර්යයා
දිනිතිය
නා. මව (පා. ජනෙත්ති සං. ජනයිත්රි)
දිනිඳු
නා.ප්‍ර. හිරු; සූර්යයා
දිනිසුරු
1. නා.ප්‍ර. සූර්යයා (සං. දිනෙශ්වර) 2. බුදුරජ (පා. ජිනිස්සර සං. ජිනෙශ්වර)
දිනුම
නා. පරාජයට පත් නොවීම; ජයග්‍රහණය
දිය අගළ
නා. පුරාණයේ දී නගරාරක්ෂාව තකා නගරය වටා තනන ලද දිය ඇළ; පරිඛාව