අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 150
දිය ඇල්ල
නා. කඳු පර්වත මුදුනින් ගලා හැලෙන දිය පාර
දිය කඳුර
නා. කඳු අතර පිහිටි දිය ගලා බසින දෙණිය
දියකැට පහණ
නා. වැවක ජල ප්‍රමාණය දක්වන ගල් කණුව
දියකෙළිය
නා. ගඟක හෝ පොකුණක හෝ දියට බැස පිහිනීම් ආදි වශයෙන් කරන ජල ක්‍රීඩාව (සං. ජලක්‍රීඩා)
දියණියෝ
නා. ගැහැනු දරුවා; දුව (පා. දුහිතු සං. දුහිතෘ)
දියබුබුළ
නා. වතුර යට සිට ගෝලාකාර හැඩයෙන් යුක්ත ව මතු වන වායු කැටිය/ පොළොව යටින් මතු වන දිය උල්පත
දියඹ
නා.ප්‍ර. ගංගා, මුහුදු ආදියෙහි ගැඹුරු දිය පෙදෙස
දියරැලි
නා.ප්‍ර. ඉහළට නගිමින් ද පහළට බසිමින් ද චංචන වන ජලය; දියරැල්ල
දියවැල
නා. නොකඩවා ගලා බස්නා දිය දහර; ජල ධාරාව
දියසුළිය
නා. වේගයෙන් එක තැන කැරකෙන දිය රැල්ල; දිය සළාව
දියසෙවෙල
නා. ඇල්ගී පැළෑටි විශේෂයක්; දිය හවරිය
දියළුම
නා. ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇල්ලක නාමය
දියළුව
නා. වතුරෙන් ගසාගෙන අවුත් තැන්පත් වූ පස
දියුණුව
නා. අභිවෘද්ධිය; සමෘද්ධිය; වඩා හොඳ තත්ත්වය (ප්‍රා. දිඋණ පා. දිගුණ සං. ද්විගුණ)
දිරනවා
ක්‍රි. යම් ද්‍රව්‍යයක තිබෙන ස්වභාවය වෙනස් වෙමින් ක්‍රමයෙන් ක්ෂය බවට පැමිණෙනවා; දිරාපත් වෙනවා (පා. ජීරති)
දිලිසෙනවා
ක්‍රි. ආලෝකය විහිදෙනවා; බැබළෙනවා (පා. ජලති සං. ජ්වලති)
දිලීර
නා.ප්‍ර. ක්ෂුද්‍ර ශාක වර්ගයක් (සං. දිලීර)
දිලෙනවා
ක්‍රි. ආලෝකය විහිදුවනවා; දිලිසෙනවා
දිව්‍ය
වි. දෙවියන් හා සම්බන්ධ; දෙව්ලොවට අයත්/ අලෞකික (සං. දිව්‍ය)
දිව්‍ය භවනය
නා. දෙවියන්ට අයත් වාසස්ථානය
දිව්යචක්ෂුරභිඥානය
නා. මානුෂිකත්වය ඉක්ම වූ පිරිසිදු වූ ඍද්ධිමය බලයක් ඇති නුවණ
දිව්‍යඥානය
නා. මසැසින් නොදැකිය හැකි දුර වූ ද ආවරණය වූ ද දෑ දැකිය හැකි නුවණ (පා. දිබ්බඤාණ සං. දිව්‍යඥාන)
දිව්‍යාක්ෂර
නා.බහු. සිංහල හෝඩියේ සුබ යැයි සම්මත අකුරු සමූහය
දිව්‍යාභරණ
නා.ප්‍ර. දෙවියන්ගේ ආභරණ