දිරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (කාලය ගෙවී යෑම, අව්වැසි සුළං ආදියට අසු වීම ආදි හේතු නිසා) යම් ද්‍රව්‍යයක ස්වභාවය ක්‍රමයෙන් ක්ෂය බවට පත්වෙනවා; දිරාපත් වෙනවා; ජරාවට පත්වෙනවා.
2. ක්‍රි. (ආහාරාදිය) ජීර්ණ වෙනවා; අනුභව කළ දැ පාකයට පැමිණෙනවා.
3. ක්‍රි. කෘශ වෙනවා; කෙට්ටු වෙනවා; සිහින් වෙනවා; දිරීමට පත්වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. යම් ද්‍රව්‍යයක තිබෙන ස්වභාවය වෙනස් වෙමින් ක්‍රමයෙන් ක්ෂය බවට පැමිණෙනවා; දිරාපත් වෙනවා (පා. ජීරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. decay
2. vti. rot
3. v. ruin