දපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මතුරනවා; ජප කරනවා; ජීවම් කරනවා.
2. ක්‍රි. නිසරු බස් දොඩවනවා.
3. (කථා.) ක්‍රි. නැවතී සිටිනවා.
4. ක්‍රි. උඩුකුරු අතට බිම වැතිරෙනවා; බිම හොවිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. charm
2. v. say
3. v. utter