සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 795

දපණතලය

නා. කැඩපතෙහි මුහුණ බලන පැත්ත.

දපණය

නා. කැඩපත.

දපනය

නා. (කොඩිවින ආදියෙන්) සිහිමුළා බවට පත් වීම; වසඟවීම.

දපනවා

1. ක්‍රි. මතුරනවා; ජප කරනවා; ජීවම් කරනවා.
2. ක්‍රි. නිසරු බස් දොඩවනවා.
3. (කථා.) ක්‍රි. නැවතී සිටිනවා.
4. ක්‍රි. උඩුකුරු අතට බිම වැතිරෙනවා; බිම හොවිනවා.

දප්සර

වි. එඩි සහිත; මානයෙන් පිරුණු; දර්පයෙන් සාර.

දබරඟිල්ල

නා. මහපට ඇඟිල්ලත් මැදඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල.

දබරය

1. නා. කලහය
2. නා. බර එසවීම සඳහා ගැනෙන කරකැවෙන කඳ සහිත උපකරණය.

දබරාව

නා. පෙරහනක් සහිත පැන් බඳුන.

දබරැල්ල

1. (කථා.) නා. පුලුස්සන ලද කැලය.
2. නා. හේන්වල ඇති කැකිල්ල පඳුරු.

දබ්බ

1. වි. දන්නා; නුවණැති; පණ්ඩිත.
2. වි. විශාල; ලොකු.
නා.ප්‍ර. ද්‍රව්‍ය.

දබ්බීය

නා.ප්‍ර. ලීයෙන් කළ හැන්ද; සරළුව.

දම

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලොව්තුරා දහම; ධර්මය; ත්‍රිපිටක ධර්මය.
2. නා.ප්‍ර. දශරාජ ධර්මය; රජුන් කෙරෙහි පැවැතිය යුතු දශවිධ පාලන ප්‍රතිපත්ති.
3. නා.ප්‍ර. ලෝක ස්වභාව; ප්‍රකෘති තත්ත්වය.
4. නා.ප්‍ර. යුක්තිය; නීතිය; සාධාරණය.
5. නා.ප්‍ර. කුශලය; පින.
6. නා.ප්‍ර. චාරිත්‍ර සිරිත් විරිත්
7. නා.ප්‍ර. එකින් එක ඇඳුණු පුරුක්වැළ; දම්වැල; දාමය; මාලය; හර.
8. නා.ප්‍ර. හික්මීම; දමනය.

දමක

නා. හික්මවන්නා; දමනය කරන්නා; හීලෑ කරන්නා.

දමථය

නා. දැමුණුබව; හික්වීම; දමනය වීම.

දමන

නා.ප්‍ර. කුඩා කැලෑරොද; ගස් අඩු හේනක් වැනි බිම; ලඳුබිම.

දමනය

නා. හික්මීම; සංවර බව; සන්සුන්බව; මෙල්ලවීම; සංයමය.

දමනවා

1. ක්‍රි. හෙළනවා; තබනවා; බහාලනවා; යොදනවා.
2. ක්‍රි. අත් හරිනවා; බැහැර කරනවා; ඉවත් කරනවා.
3. ක්‍රි. දමනය කරනවා.

දම්

1. නා.ප්‍ර. ධර්මය.
2. නා.ප්‍ර. දුම; ධූමය.
3. නා.ප්‍ර. ඉඳුණු දම්ගෙඩියේ පැහැය; දම්පාට.
4. නා.ප්‍ර. බිරිය; භාර්යාව.
5. නා.ප්‍ර. හික්මීම; සංවරබව; සන්සුන්බව; මෙල්ල වීම; සංයමය.
වි. හික්මුණු; සංවර; සන්සුන්.

දම්ගෙඩිය

1. නා. දහම් නමැති බෙරය; ධර්ම භේරිය.
2. නා. මරණයට නිම වූවන්ගේ හිස ගසා දමනු සඳහා යොදාගත් දඩුකඳ; හිස තබා කපන කොළොම්බුව.
3. නා. මස් කොටන ලී කොටය.

දම්නිය

නා. දැහැමි රාජනීතිය; ධර්ම නීතිය.

දම්පති

නා.ප්‍ර. අඹුසැමි යුවළ; භාර්යාව සහ ස්වාමියා.

දම්බ

1. නා.ප්‍ර. අනුන් මුළා කිරීම සඳහා ක්‍රියාවෙන් හෝ වචනයෙන් දැක්වෙන අමුතු තත්ත්වය; රැවටිල්ල.
2. (කථා.) නා.ප්‍ර. පිළිස්සුණු දෙය; භස්මය.

දම්ම

නා.ප්‍ර. කිරෙන් ඇරුණු ගවයා; ගව පැටියා; නහඹු ගවයා.

දම්මිල්ල

නා.ප්‍ර. මල්දම් ආදියෙන් යුතු ව සකස් කරන ලද කෙස්කලඹ; සැරසූ කේශ කලාපය.