දම

dama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලොව්තුරා දහම; ධර්මය; ත්‍රිපිටක ධර්මය.
2. නා.ප්‍ර. දශරාජ ධර්මය; රජුන් කෙරෙහි පැවැතිය යුතු දශවිධ පාලන ප්‍රතිපත්ති.
3. නා.ප්‍ර. ලෝක ස්වභාව; ප්‍රකෘති තත්ත්වය.
4. නා.ප්‍ර. යුක්තිය; නීතිය; සාධාරණය.
5. නා.ප්‍ර. කුශලය; පින.
6. නා.ප්‍ර. චාරිත්‍ර සිරිත් විරිත්
7. නා.ප්‍ර. එකින් එක ඇඳුණු පුරුක්වැළ; දම්වැල; දාමය; මාලය; හර.
8. නා.ප්‍ර. හික්මීම; දමනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දමනය කරන්නා (සමාස); දමනය කිරීම; හික්මීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රඥා, උපවාස, ක්ෂමා, ඉන්ද්‍රියසංවර.
√ භු. දමනෙ, දමනය කිරීමෙහි, දමති, දමනය කරයි. (පි. 315)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chain
2. n. doctrine
3. n. garland

Digital Pāḷi Dictionary