සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 504

දබ්බීකර

පු. සර්‍පයා, නයා. (පි. 315)

දබ්භ

පු. කුසතණ.
√ භු. ගන්ථනෙ, ගෙතීමෙහි, දබ්භති, ගොතයි. (පි. 315)

දබ්භී

√ භු. ගන්ථනෙ, ග්‍රන්ථනයෙහි, දබ්භති, ගොතයි. (පි. 315)

දබි

√ භු. ගති සද්දෙසු, ගමනෙහි, ශබ්ද කිරීමෙහි, දබ්බති, යෙයි, ශබ්දකෙරෙයි. (පි. 315)

දභී

√ භු. සද්දෙ, ගන්ථනෙ, ශබ්දකිරීමෙහි, ගෙතීමෙහි, දබ්භති, ශබ්දකරයි, ගොතයි.
√ චු. භයෙ, බියවීමෙහි, දභෙති, දභයති, බියවෙයි. (පි. 315)

දභෙති

ක්‍රි. (දභ+ණෙ+ති) බියවෙයි, දභි බලනු. (පි. 315)

දම

පු. ප්‍රඥා, උපවාස, ක්ෂමා, ඉන්ද්‍රියසංවර.
√ භු. දමනෙ, දමනය කිරීමෙහි, දමති, දමනය කරයි. (පි. 315)

දමක

පු. ඉඳුල් කන්නා, විඝාසයා. (පි. 315)

දමථ

පු. හික්මීම, ඉන්ද්‍රියාදීන්ගේ දමනය. (පි. 315)

දමන

න. හික්මීම, දමනය කිරීම. (පි. 315)

දම්පති

පු. අඹුසැමි දෙදෙන, ස්ත්‍රී පුරුෂ දෙදෙන. (පි. 315)

දම්භ

පු. සට බව, කපටි. (පි. 315)

දම්භොලි

පු. වජ්‍රායුධය. (පි. 315)

දම්ම

පු. නාඹුවස්සා, දමනය කටයුත්තා. (පි. 315)

දමිත

ති. දමනය කළ, හික්මෙන ලද. (පි. 315)

දමු

√ දි. දමනෙ, දමනයෙහි, දමයති, දමනය කරයි. (පි. 315)

දමෙති

ක්‍රි. (දම+ණෙ+ති) දමනය කරයි. (පි. 315)

දය

√ භු. දාන ගති රක්ඛා හිංසාදිසු, දීමය, යාමය, රැකීමය, පෙළීමය, යනාදියෙහි, දයති. (පි. 315)

දයති

ක්‍රි. (දය+ති) දෙයි, දය බලනු. (පි. 315)

දයා

ඉ. දයාව, අනුකම්පාව, කරුණාව. (පි. 315)

දයාලු

ති. දයා බහුලකොට ඇත්තා, කරුණාවන්තයා. (පි. 315)

දයිතා

ඉ. ප්‍රියතැනැත්තී, ස්ත්‍රිය. (පි. 315)

දයීත

ති. කරුණාකළ, නලවනලද. (පි. 315)

දර

පු. ශරීරපීඩා, භය, වෙහෙස, “සබ්බං නිබ්බා පයෙදරං.”
√ භු. අනාදරෙ, අනාදරයෙහි, දරති, අනාදර කරයි.
√ භු. භය දාහ විදාරණෙසු, බියවීමෙහි, දාහයෙහි, පැලීමෙහි, දරති, බියවෙයි, දවයි, ඵලයි, විදාරණයකරයි. (පි. 315)