සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 505

දරණ

න. භය වෙහෙසාදිය ඉවසීම. (පි. 315)

දරථ

පු. දාහය, දැවිල්ල, උෂ්ණය. (පි. 315)

දරථජ

ති. දාහයෙන් උපන්, උෂ්ණයෙන් හටගත්. (පි. 315)

දරී

ඉ. භූමිපර්‍වතාදීන්ගේ විවර, කඳුරැලිය. (පි. 315)

දරීචර

පු. ගල් ගුහාවල ජීවත්වන්නා. (පි. 315)

දරීසය

පු. ගුහාවෙහි වාසයකරන තැනැත්තා. (පි. 315)

දල

√ භු. දුග්ගතියං, දිලිඳුවීමෙහි, දලති, දිලිඳුවෙයි.
√ භු. විකිරණෙ, විසිරීමෙහි, දලති, විසිරෙයි, විහිදෙයි.
√ චු. විදාරණෙ, පැළීමෙහි, දාලෙති, දාලයති, පදාලෙති, පලයි, දෙපළුකරයි.
√ භු. දිත්තියං, බැබලීමෙහි දලති, බබලයි.
න. භාගය, කොටස, පත්‍රය. (පි. 316)

දලති

ක්‍රි. (දල+ති) විසිරෙයි දිලිඳුවෙයි. බබලයි. (පි. 316)

දලිද්ද

√ භු. දුග්ගතියං, දිලිඳු බැව්හි, දලිද්දති, දිලිඳුවෙයි, දුකසේ ලබයි. (පි. 316)

දලිද්දිය

න. දිලිඳු බව, දාරිද්‍රභාවය.
“දලිද්දියං දුක්ඛං ලොකෙ - ඉණදානඤ්ච වුච්චති,
දලිද්දො ඉණමාදාය - භුඤ්ජමානො විහඤ්ඤීති” (පි. 316)

දව

√ භු. දවනෙ, ක්‍රීඩාවෙහි, දවති, ක්‍රීඩා කෙරෙයි.
පු. ක්‍රීඩාව, ආරණ්‍යය, පලායාම. (පි. 316)

දවථූ

පු. දාහය, දැවිල්ල. (පි. 316)

දස

ති. දසය. 10. (පි. 316)

දස භුමිස්සර

පු. බුදහු. (පි. 316)

දසක

ති. දසයෙන් යුත්, දසයක් ඇති. (පි. 316)

දසකථා

ඉ. අප්පිච්ඡකථා, සන්තුට්ඨකථා, විවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා, යන දසය. (පි. 316)

දසගුණ

පු. දසයෙන් ගුණවීම. දහයෙන් වැඩිකිරීම. (පි. 316)

දසදිසා

ඉ. දසදිග, පූර්‍වපශ්චිමාදි දිසා දසය. (පි. 316)

දසන

න. දත්, හැපීම, හපාකෑම. (පි. 316)

දසනාගබල

දසවිධ නාග බලය. (පි. 316)

දසපද

න. අට්ඨපද ක්‍රීඩාව වැනි එක එක පෙලට අල්ලි දසය බැගින් සිටින්ට සාදාගෙන කරන ක්‍රීඩාවක්. (පි. 316)

දසපාරමිතා

ඉ. දානාදී පාරමිතා දසය. (පි. 316)

දසබල

න. දසවිධකාය බලය හා දසවිධඤාණ බලය, සිංහල මහා අකාරාදිය බලනු. (පි. 316)

දසවත්ථුකා අන්තග්ගහිකාදිට්ඨි

න. දශවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටිය. (පි. 316)