දව

dava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අලුයම.
2. නා. ඉක්මන; වේගය; ජවය.
3. නා. ධාවනය; දිවීම.
4. නා. ඡන්ද රාගය.
5. නා. දෙක; ද්වි සංඛ්‍යාව.
6. නා. වනය; කැලෑව.
7. නා. පිතෙන් හටගන්නා රෝග විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ක්‍රීඩාව; සෙල්ලම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දවනෙ, ක්‍රීඩාවෙහි, දවති, ක්‍රීඩා කෙරෙයි.
පු. ක්‍රීඩාව, ආරණ්‍යය, පලායාම. (පි. 316)

Digital Pāḷi Dictionary