සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 802

දලසර

1. නා.ප්‍ර. මාළුවා; මත්ස්‍යයා.
2. නා.ප්‍ර. වලාකුළ; මේඝය.

දලසා

නා.ප්‍ර. ගිනි දලුව.

දලහ

1. නා.ප්‍ර. (මහලු වීමෙන් ඇති වන) ජරාව.
2. නා.ප්‍ර. සලකුණ; ලාංඡනය.

දලහ දඬුව

නා. (පුද්ගලයාගේ සමාජ තත්ත්වය හෝ නිලය හෝ පෙන්නුම් කරන) ලාංඡන යෂ්ටිය; ලා දඬුව; සෝළු ලීය.

දල්වන හැන්ද

(පාරිභා.) නා. වහා ගිනි ගන්නා රසායන ද්‍රව්‍ය පාවිච්චියේ දී උපයෝගී කොට ගන්නා හැන්දක් වැනි උපකරණය.

දල්වනවා

1. ක්‍රි. (ගින්දර පහන් ආදිය) අවුළුවනවා; පත්තු කරනවා; මොලවනවා.
2. ක්‍රි. (ඇස්, මුව ආදිය) අරිනවා; විවර කරනවා; අයනවා; විදහනවා.
3. ක්‍රි. ආලෝක කරනවා; බබළවනවා.
4. ක්‍රි. ගින්නෙන් දවනවා.

දල්හ

වි. දැඩි; කර්කශ; ශක්තිමත්.

දල්‍යාසය

නා. මලක අවයව පිණ්ඩය.

දලාහ

(පාරිභා.) නා.ප්‍ර. පුෂ්ප පත්‍ර මෙන් වර්ණවත් වූ නිපත්‍ර.

දලැඳිලි

නා.ප්‍ර. දියදොහොත; ජලාඤ්ජලිය.

දලැල

නා.ප්‍ර. ජලය රැඳී තිබෙන තැන; ජලාලය.

දලු කඩිගය

(කථා.) නා.ප්‍ර. පැළ කිරීමට ගන්නා බුලත් රිකිල්ල; බුලත් අංකුරය.

දලුක්

නා. උසට වැවෙන පතොක් වර්ගයක්.

දලුපත

නා. අලුතින් වගා කරනු සඳහා සකස් කෙරුණු බිම් කොටස; අස්වැද්දුම.

දලුපත්කාරයා

1. නා. ගමක වාසයට අලුතින් ආ තැනැත්තා; අස්ථිර වාසයක් ඇත්තා.
2. නා. ඉඩමක් මුල් පංගුකාරයා ගෙන් ලබාගෙන අස්වද්දන්නා.

දලුමුර

1. නා. බුලත්; බුලත් විට.
2. නා. බුලත් කොළ කඩන වාරය; ඉඩම් හිමියෙකුට බුලත් සැපයීමේ වාරය.
3. නා. ඇතැම් ශාන්තිකර්මවලට අයත් පූජා නොහොත් නර්තන අංගයක්.

දලුව

1. නා. ළපටි කොළය; නොමේරූ කොළය; අංකුරය.
2. නා. (ප්‍ර. යෙදේ) බුලත්.
3. නා. තේ දලුව.

දව

1. නා. අලුයම.
2. නා. ඉක්මන; වේගය; ජවය.
3. නා. ධාවනය; දිවීම.
4. නා. ඡන්ද රාගය.
5. නා. දෙක; ද්වි සංඛ්‍යාව.
6. නා. වනය; කැලෑව.
7. නා. පිතෙන් හටගන්නා රෝග විශේෂයක්.

දව රෝදය

(පාරිභා.) නා. වාහනයක ගියර රෝද යුගලයෙහි කුඩා රෝදය; ගියර පෙළෙහි කුඩාතම රෝදය.

දවටනවා

1. ක්‍රි. ඔතනවා; වෙළනවා; පටලවනවා.
2. ක්‍රි. රඳවනවා.
3. ක්‍රි. තවරනවා; මතුපිටින් ගානවා
4. ක්‍රි. කලවම් කරනවා; මිශ්‍ර කරනවා.
5. ක්‍රි. සම්බන්ධ කරනවා; එකිනෙක අමුණනවා.

දවනවා

1. ක්‍රි. පුච්චනවා; පුලුස්සනවා.
2. ක්‍රි. දුවනවා; ධාවනය කරනවා.
3. ක්‍රි. ගොයම් ආදිය කපනවා.

දවමිණි

නා. දිවා කල්හි මැණික වන සූර්යයා; හිරු.

දවය

නා.ප්‍ර. ක්‍රීඩාව; සෙල්ලම.

දවස

1. නා. දිනය; ඉංග්‍රීසි පැය 24 ක කාලය.
2. නා. වකවානුව; කාල පරිච්ඡේදය.