සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 803

දවසත්

[දවස් + අත්]
නා. දවසේ කෙළවර; දිවසාවසානය.

දවසමුව

නා.ප්‍ර. දවසේ උදාව; උදය; පාන්දර.

දවස් දෙබාගය

1. නා. දවාලත් රැයත් වෙන් වන කඩයිම; ඇඳිරි වැටෙන වේලාව; ගොම්මන් වේලාව.
2. නා. රැයත් දවාලත් වෙන් වන කඩයිම; අරුණ වැටෙන වේලාව; හිමිදිරි පාන්දර.

දවස්මැණ

නා.ප්‍ර. හිරු; සූර්යයා.

දවසිඳු

නා.ප්‍ර. සූර්යයා; හිරු.

දවහ

නා. දවල්.
1. ක්‍රි.වි. දිනපතා; දවසක් පාසා.
2. ක්‍රි.වි. නිරන්තරයෙන්.

දවහත් තරුව

නා. ඉරබටු තරුව.

දව්ව

(කථා.) නා. අළු.

දවාග්නි

නා.ප්‍ර. වනයක ඉබේ හටගන්නා ගින්න; ලැව් ගින්න.

දවාන

නා. පඬුරු; තෑග්ග.

දවාල

1. නා.ප්‍ර. සූර්ය උදාවේ සිට බැසීම දක්වා වූ කාලය.
2. නා.ප්‍ර. උදයත් සන්ධ්‍යාවත් අතර කාලය.

දවි

නා.ප්‍ර. හැන්ද; කරඬිය.

දවු

1. වි. ඉක්මන් බව; ශීඝ්‍රතාව.
2. වි. විශාල; ලොකු.

දවුඩනවා

(කථා.) ක්‍රි. දවටනවා; අමුණනවා.

දවුල

නා. බෙර විශේෂයක්.

දශ අකුශල

නා.බහු. අකුශල් දහය; කය, වචනය, සිත යන තිදොරින් සිදු වන ප්‍රාණඝාතාදි පව්කම් දහය.

දශ ක්ලේශ

නා.බහු. සිත කිලුටු කරන ලෝභ දෝස ආදි කෙලෙස් දහය.

දශ කාලය

නා. (ජ්‍යෝති.) කෙනෙකුගේ උපන් මොහොතෙහි බලපෑ ග්‍රහයාගේ පටන් ජීවන කාලය තුළ එක් එක් ග්‍රහයන්ට අයත් වන කාල පරිච්ඡේදය.

දශ ගුණය

1. නා. දහයකින් ගුණ හෙවත් වැඩි වූව.
2. නා. තපස් රකින අයට වෘක්ෂ මූලයක වාසය කිරීමෙන් ඇතිවන අනුසස් දහය.

දශ ධර්මය

1. නා. ධර්ම දහය; නවවිධ ලෝකෝත්තර ධර්මය හා පාලි ත්‍රිපිටක ධර්මය.
2. නා. දශරාජ ධර්මය.
3. නා. පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතු කරුණු දහය.

දශ මහාදෝෂය

නා. කාව්‍යයේ රස වින්දනයට බාධා පමුණුවන ප්‍රධාන දෝෂ දහය.

දශආනන

නා.ප්‍ර. මුඛ දහයක් ඇත්තා; රාවණ රජ; දසිස්.

දශකණ්ඨයා

නා. ගෙල දහයක් ඇත්තා; රාවණ රජ.

දශකය

1. නා. දහයේ ගොඩ; දහය; දහයේ පංගුව.
2. නා. දශ අවුරුදු කාල පරිච්ඡේදය.