සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 804
දශකායබල
නා.ප්ර. ෂඩ්ලන්ත හස්තීන් දස දෙනකුගේ කාය ශක්තියක් දැරූ බුදුන් වහන්සේගේ බලය.
දශන
1. නා. දන්තය; දත.
2. නා. ගිරිකුළ.
3. නා. කඤ්චුකය; සන්නාහය.
4. නා. දර්ශනය; පෙනෙන දෙය.
දශනඛ සමෝධානය
1. නා. දෑතේ නිය දහය එකට සිටින සේ දෑත් එක් කිරීම.
2. නා. එසේ කිරීමෙන් කරන වැඳීම.
දශබල
1. නා.ප්ර. දශවිධ කාය බල හෝ දශවිධ වූ ඥාන බලය.
2. නා.ප්ර. දශවිධ වූ කාය බලයෙන් හා ඥාන බලයෙන් යුත් බුදුරජාණන් වහන්සේ.
දශම අංකනය
(පාරිභා.) නා. දහයෙන් කොටස් සියයෙන් කොටස් ආදිය දැක්වීම සඳහා දශම තිතට දකුණෙන් අංක යෙදීමේ ක්රමය.
දශම කරනවා
ක්රි. දහයේ කොටස් බවට පමුණුවා දශම භාග බවට පත් කරනවා.
දශම ක්රමය
(පාරිභා.) නා. දහයෙන් හා දහයේ බලවල පංගු දැක්වීමට එකස්ථානයේ ඉලක්කමට දකුණෙන් දශම තිත යොදා ඉක්බිති ව ඉලක්කම් ලියා භාග දක්වන ක්රමය.
දශම තිත
(පාරිභා.) නා. දශම සහිත ප්රකාශනයක පූර්ණ සංඛ්යා කොටස භාග කොටසින් වෙන් කරන තිත.
දශම භාගය
(පාරිභා.) නා. හරය වශයෙන් දහයේ බලයක් ඇති භාගය.
දශම ස්ථානය
නා. දශම තිතේ සිට දකුණට පිහිටි දහයෙන් කොටස් වශයෙන් දැක්වෙන ස්ථානය.
දශමය
නා. දහයෙන් පංගුව හෝ කොටස; දහයෙන් දහය ප්රගමනය වන සංඛ්යාව.
දශමාංශය
දශය
නා. නවයකට එකක් වැඩි වූ සංඛ්යාව.
දශරාජ ධර්මය
නා. යහපත් රජකු විසින් රට පාලනයේදී උපයෝගි කරගනු ලබන දානය, ශීලය, පරිත්යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය හා අවිරුද්ධතාව යන ධර්ම දහය.
දශසංයෝජන
නා.ප්ර. සත්ත්වයා සසරෙහි බැඳ තබනු ලබන බැඳුම් දහය:- එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්යාපාද, රූපරාග අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන දසයයි.
දශසහශ්රී
වි. දස දහසකින් යුක්ත; දස දහසක් වූ.
දශ්යු
නා.ප්ර. ආර්ය ජන කොටස්වලට අයත් නොවන තැනැත්තා; අනාර්යයා.
දශාධිපතියා
නා. (ජ්යෝති.) එක් එක් දශාවට ප්රධාන වූ ග්රහයා.
දශාන්තය
නා. රෙදි කෙළවර; වාටිය; දාවල්ල.
දශාපහරණය
[දශා + අපහරණය]
නා. (ජ්යෝති.) යම් අයකු උපදින විට ඔහු උපන් දශාවෙන් ගෙවීගිය කාලය හා ඉදිරියට ගෙවිමට ඇති කොපමණ දැයි ගණන් කාලය බැලීම.
දශාව
1. නා. වස්ත්රයක කෙළවර වාටිය.
2. නා. දශා කාලය.
3. නා. කාලය; අවධිය; අවස්ථාව.
4. නා. නක්ෂත්රයට අනු ව එක් එක් ග්රහයාට හිමිවන කාලපරිච්ඡේදය.
දෂ්ට
වි. හපා කන ලද; විදින ලද; සිදුරු කරන ලද; ඩසින ලද; දළයෙන් තුවාල කළ.
දෂ්ටය
1. නා. ඩසින ලද තැන; දෂ්ට කරන ලද ස්ථානය.
2. (පාරිභා.) නා. දළය; දංශය.
දස
1. නා.ප්ර. දහය.
2. නා.ප්ර. දිශාව; දෙස; පැත්ත.
3. නා.ප්ර. අනුන්ට බැළ කරන තැනැත්තා නොහොත් තැනැත්තිය; දාසයා/දාසිය.
4. නා.ප්ර. රෙද්දේ වාටිය; දාවල්ල
5. නා.ප්ර. කෙළවර; අවසානය; අන්තය.
6. නා.ප්ර. ස්වභාවය.