සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 805
දස අත
1. නා. දශ දිශාව; සතර දිශා, සතර අනු දිශා සහ උඩ යට යන දස දිසා දහය.
2. නා. දිශා අන්තය; දිසා කෙළවර.
දස එකඩමස
[දස + අකඩ මස]
නා.බහු. අඛණ්ඩ දස මාසය (චන්ද්‍ර මාස පිළිවෙළින්) සම්පූර්ණ වූ දස මාසය.
දස කුසල
නා.බහු. කුසල කර්ම දහය;- ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා, ඵරූසා වාචා, සම්ප්‍රලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන දස අකුසල්වලින් වෙන්වීම.
දස දුක
1. නා. දුඃඛ සත්‍යයෙහි දැක්වෙන දුක් දහය.
2. නා. අප්‍රමාණ දුක් කම්කටොලු.
දස පනත
නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තු ධර්මයේ සඳහන් වන ප්රඥප්ති දහය.
දස පාරමිතා
නා.බහු. බෝසත් කෙනෙකු විසින් පිරිය යුතු දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා ආදි මූලික ගුණ දහම් දහය.
දස පොරොන්දම
නා. (ජ්‍යෝති.) ආවාහ විවාහයේ දී යුවතිපතින්ගේ ගැළපීම ජ්‍යෝතිෂය අනු ව සුදුසු දැයි විමසා බලන සීහුම් විදි දහය.
දස මදය
නා. දස තැනෙකින් වෑහෙන මදය; මෙය ඇතුන්ගේ දෙකපොල, කෝෂ, දෙකන් සිදුරු, දෙඇස්, දෙනාසාපුට, ගුද යන දස තැනින් වැගිරෙන බව සැලකෙයි.
දස මරගාතය
(කථා.) නා. දහයක් පමණ වූ හිරිහැරය; දැඩි කරදරය.
දස හස
නා. දශ දිශාව; දස දෙස.
දසකස්ථානය
1. නා. දහයේ ඒකකයේ තැන.
2. නා. දහයේ රාශියට අයත් තැන.
දසකසිණ
නා.ප්‍ර. (අභි.) සමථ භාවනාව සඳහා අරමුණු කර ගනු ලබන දස වැදෑරුම් කසිණ; පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, පරිච්ඡින්න යන කසින දහය.
දසතුරු
[දස + උතුරු]
1. වි. දහයකින් වැඩි.
2. වි. දිසා අතුරෙහි; දිසා අතර.
දසනය
නා. දැකීම; දර්ශනය; පෙනෙන දෙය.
දසන්
නා.ප්‍ර. දත; දන්තය.
දසන්වරණ
නා. තොල; අධරය.
දසනිඳු
දසපදියා
(පාරිභා.) නා. පා හෙවත් අඬු 10 ක් ඇති සතා; ඩෙකපෝඩා.
දසබලකුරු
දසබිම්බර
නා.ප්‍ර. බිම්බර නම් ප්‍රමාණ දසය; දේව, මාර, යක්ෂ, රාක්ෂස, ගරුඩ, සර්ප, චතුප්පාද, භූත, නර, අසුර යන ගණයන්ගෙන් යුත් බිම්බර දසයක සෙනඟ.
දසමාව
නා. මාත්‍රා දසයක නොහොත්, මෑ ඇට දස ප්‍රමාණයක බර දැක්වෙන මිනුම් විශේෂයක්.
දසමුණ
1. නා. අමුණු දහයක හෙවත් කුඹ එකක ධාන්‍ය ප්‍රමාණය.
2. නා. අමුණු දහයක වපසරිය ඇති බිම.
දසඹු
[දස + අඹු]
නා.ප්‍ර. දිශා නැමැති කාන්තාව; දිශා කාන්තාව.
දසඹුල්
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.