සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 806
දසයන
වි. (රත්රන්වල පිරිසිදු බව මනින) කැරට් දසයකින් යුත් මානය.
දසරු කණ්ඨය
නා. ග්රීවය උස් පහත් කිරීමට හා දෙපසට හැරවීමට උපකාරී වන පේශිය.
දසරුව
1. නා. උරහිස; උරපත්ත; කර; අංසකූටය.
2. නා. ඉඟ.
3. නා. පලඳනා විශේෂයක්.
දසවක
නා. අමාවක පසු වී හෝ පසළොස්වක පසු වී එන දහවන දිනය.
දසවමිය
නා. දිශා නමැති කාන්තාව.
දසවිධ
වි. දස ප්‍රකාර; දශා කර.
දසසතකිරණ
නා.ප්‍ර. හිරු; සූර්යයා; දසසත පා.
දසසතනයන
නා.ප්‍ර. සක් දෙවිඳු; ශක්‍රයා.
දසසිව් වක
නා. (චන්ද්‍ර මාස ක්‍රමයෙන්) දාහතර වැනි දිනය; තුදුස්වක.
දස්
1. නා.ප්‍ර. දාසයා; මෙහෙකරුවා.
2. නා.ප්‍ර. දක්ෂ; සමත්.
දස්කම්
1. නා.ප්‍ර. දක්ෂ ක්‍රියා; සමත්කම්; හපන්කම්; සුරු විරුකම්.
2. නා.ප්‍ර. දාස කර්මයා; බැළමෙහෙවර.
දස්සනය
1. නා. දර්ශනය; දසුන.
2. නා. සෝවාන් මඟ; නුවණ.
3. නා. දැනුම; ඥානය.
දසාල
නා. සමුද්‍රය; මුහුද.
දසාව
1. නා. දිශාව; දෙස; පැත්ත.
2. නා. වස්ත්‍රයක කෙළවර; වාටිය; කොන; දාවල්ල.
3. නා. නක්ෂත්රයට අනු ව එක් එක් ග්‍රහයාට හිමි වන කාල පරිච්ඡේදය.
4. නා. කාලය; අවධිය; අවස්ථාව.
දසිස්
නා.ප්‍ර. හිස් දහසක් ඇත්තා; රාවණා රජ.
දසු
වි. දක්නාසුලු; දර්ශී.
දසුන
1. නා. දර්ශනය; පෙනීම; දැකීම; දෘෂ්ටිය.
2. නා. අවබෝධය; වැටහීම; අධිගමය; සිත්හි එකඟබව; චිත්ත සමාධිය.
දහ
1. නා.ප්‍ර. දහයේ සංඛ්‍යාව.
2. නා.ප්‍ර. වාටිය; දාවල්ල.
3. නා.ප්‍ර. දවස.
4. නා.ප්‍ර. විල.
5. නා.ප්‍ර. සිරුරෙහි ඇතිවන දැවිල්ල; දාහය.
6. නා.ප්‍ර. තරහ; කෝපය.
7. නා.ප්‍ර. යහපත.
8. නා.ප්‍ර. වක්රනාභිය.
9. නා.ප්‍ර. නූල; හුය.
10. නා.ප්‍ර. ධාතු.
දහ ජරාව
(කථා.) නා. ඉතා අපිරිසිදු දෙය; කුණු වී පල් වෙමින් පවතින දෙය; දුර්ගන්ධ ද්‍රව්‍යය.
දහංගැටේ
1. නා. යමකු අමාරුවකට පත් කිරීම නොහොත් යමකු ලබා දුෂ්කර යමක් කරවා ගැනීම සඳහා යොදන උපක්‍රමය.
2. නා. ධර්මය පිළිබඳ දුරවබෝධ තැන්; ධර්මය පිළිබඳ ගැටලු සහිත තැන්.
දහඅට පාලිය
නා.බහු. සන්නි යක්ෂයාගේ අවතාර දහඅටට අනුකූල වන සේ තොවිල්වල දී නටන නැටුම් විලාස දහඅට.
දහකන්
නා.ප්‍ර. වස්ත්‍රයක සිවුරක වාටි කෙළවර; වාටියේ කොන; දාවල්ල.
දහඩිය
නා. දාහගතියෙන් ශරීරයේ රෝම කූපවලින් පිට කරන දියර; ස්වේදය; ඩහදිය.
දහතළය
1. නා. විල; තඩාගය.
2. නා. විල ආශ්රිත පෙදෙස; විල්තෙර.