සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 801
දරුමාකම
නා. මවක විසින් දරුවකු වෙත දක්වන සැලකිල්ල.
දරුවා
1. නා. පුතා හෝ දුව; දාරකයා; ළමයා.
2. නා. පුතා; පිරිමි දරුවා.
දල
1. නා.ප්‍ර. කොළය; පත්‍රය; දලුව.
2. නා.ප්‍ර. පෙත්ත; මල්පෙත්ත.
3. නා.ප්‍ර. දිය; ජලය; මේඝය.
4. නා.ප්‍ර. ගින්න; ගිනිදැල්ල.
5. නා.ප්‍ර. දාහය; දැවිල්ල.
6. නා.ප්‍ර. දැල; ජාලය.
7. නා.ප්‍ර. ලෝහය.
වි. දිලිසෙන.
දල බම
වි. දිය සුළිය; දිය සළාව.
දල මණ්ඩලය
නා. මලක වටේට පිහිටි පෙති රැස; පෙතිවලය.
දලකිඳු
නා.ප්‍ර. ගිනිදැල්ල.
දලකුරු
නා.ප්‍ර. අංකුර අවස්ථාවෙහි තිබෙන පත්‍රය.
දලගැබ
නා. වැහිවලාව; මේඝය.
දලතල
නා.ප්‍ර. දියතලාව; ජල තලය.
දලද
නා.ප්‍ර. වැහිවලාකුළු; මේඝය.
දලදර
නා.ප්‍ර. දියදහර; ජල ධාරාව.
දලදර යතුර
නා. දිය විදින යන්ත්‍රය.
දලදහස්
නා.ප්‍ර. දල හෙවත් පෙති දහසක් ඇති පුෂ්ප; නෙළුම්; පියුම්.
දලනවා
ක්‍රි. දිලෙනවා; දිලිසෙනවා.
දලනි
නා.ප්‍ර. ජලපංක දුර්ගය; දිය හා මඬින් යුත් දුර්ග මාර්ගය.
දලපෙළ
නා.ප්‍ර. දිය කඳ; ජලස්කන්ධය.
දලබද්ධ
වි. මල්පෙතිවලට සම්බන්ධ.
දලබුකඩ
නා. වැදෑමස් කඩ.
දලබුද
නා. කලල රූපය.
දලබුව
1. නා. වසා හෙවත් වුරුණු තෙල වැලඳගෙන සිටි සම.
2. නා. වැදෑමහ.
3. නා. ගර්භාශය.
4. නා. කලල රූපය.
දලයන්
නා.ප්‍ර. ජලයාන; ජල යාත්‍රාව.
දලරද
නා.ප්‍ර. මුහුද; සමුද්‍රය.
දලරැස්
නා.ප්‍ර. සාගරය.
දලරොන්
නා.ප්‍ර. ගිනිපුපුරු; පුලිඟු.