සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 506
දසවත්ථුකා මිච්ඡාදිට්ඨි
න. දශවස්තුක මිථ්යා දිෂ්ටිය. (පි. 316)
දසවිධ අක්කොසවත්ථු
න. දසප්රකාර අක්රොශ කරුණු, “චොරොසි බාලොසි මූළ්හොසි ඔට්ඨොසි ගොනොසි ගද්රභොසි නෙරයිකොසි තිරච්ඡාන ගතොසි නත්ථි තුය්හං සුග්ගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති කියන ලද කරුණු දසය. (පි. 316)
දසවිධනාගබල
න. දසප්රකාර හස්ති බලය.
“කාලවකංච ගඞ්ගෙය්යං - පණ්ඩරං තම්බ පිඞ්ගලං
ගන්ධමඞ්ගල හෙමංච - උපොසථ ඡද්දන්තිමෙදස”
මේ දශවිධ ඇතුන්ගේ බලය, කාලාවක ඇතුන්දස දෙනෙකුගේ බලය ගඞ්ගෙය්ය කුලයෙහි එක් ඇතෙකුට ඇති වන්නේය. -පෙ- උපොස්ථයින් දස දෙනෙකුගේ බලය එක් සදත් කුලයෙහි ඇතෙකුට වන්නේය. ඔවුන් දස දෙනෙකුගේ බලය බුදුරජානන් වහන්සේගේ කාය බලය වේ. (පි. 316)
දසවිධව්යඤ්ජන
න. සිථිලය ධනිතය දීර්ඝය යනාදි දසය.
“සිථිල ධනිතඤ්ච දීඝරස්සං - ගරුලහුකඤ්ච නිග්ගහීතං
සම්බන්ධං වවත්ථිතං විමුත්තං - දසධා බ්යඤ්ජන බිද්ධියාප්පභෙදො. (පි. 316)
දසසත කිරණ
න. දහසක් රැස් ඇත්තා, සූර්ය්යයා. (පි. 316)
දසසත නයන
න. දහසක් ඇස් ඇත්තා, ශක්රයා. (පි. 316)
දසසද්ද
පු. ඛාදථ පීවථ යනාදී ශබ්ද දශය. (පි. 316)
දසහාකාර කොධ
න. දසවැදෑරුම් ක්රෝධය. (පි. 316)
දස්ස
සූර්ය්ය චන්ද්ර දෙදෙනාගේ සඞ්ගමයවන දිනය, අවපසළොස්වක් දිනය. (පි. 316)
දස්සති
ක්රි. දිස, √ භු. (පෙක්ඛණෙ, දැනීමෙහි +ති) දකියි, බලයි. (පි. 316)
දස්සන
න. දැකීම, දෘෂ්ටිය, ශ්රොතාපත්ති මාර්ගය, ඤාණය, ඇස, බැලීම, ලබ්ධිය (පි. 317)
දස්සනීය
ති. දස්සනෙය්ය, දැකුම් කටයුතු. (පි. 317)
දස්සනෙය්ය
ති. දැක්කයුතු, දස්සනීය. (පි. 317)
දස්සාවී
පු. දැකීම ස්වභාව කොට ඇත්තා, දුටු තැනැත්තා. (පි. 317)
දස්සි
ති. දකින සුළු, බලන සුළු. (පි. 317)
දස්සිත
ති. දක්වන ලද, දර්ශනය කළ. (පි. 317)
දස්සු
පු. හොරා, සතුරා. (පි. 317)
දස්සෙති
ක්රි. (දස+ණෙ+ති) දක්වයි. (පි. 317)
දසා
ඉ. අවස්ථාව, දාවල්ල. (පි. 316)
දසායතන
න. ආයතන දසය. (පි. 316)
දසිත
ති. දක්වන ලද. (පි. 316)
දසී
√ භු. දස්සනෙ, දැකීමෙහි, දංසෙති, දංසයති, දකී. (පි. 317)
දහ
න. භස්මීකරණය, විල, තඩාගය.
√ භු. වුද්ධියං, වෘද්ධියෙහි, දහති, වැඩෙයි.
√ භු. භස්මීකරණෙ, හලුකිරීමෙහි, දහති, අලුකරයි. (පි. 317)
දහති
ක්රි. (දහ √ භු. භස්මීකරණය - හළුකිරීමෙහි +ති), හලුකරයි. (පි. 317)