සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 794
දන්තාවලයා
නා. ඇතා; හස්තියා.
දන්තුර
1. වි. සම ව නොපිහිටි; විෂම වූ; අතරතුර හිස් ව ඇති.
2. වි. දැති සහිත; දත් බඳු දැති ඇති.
දන්තුරිත
වි. දත්වලින් පිරුණු; දැතිවලින් ගහන.
දන්තේන්ද්රිය
වි. දමනය කළ ඉන්ද්රිය ඇති.
දන්තොෂ්ඨජ
වි. (ව්යාක.) දත් හා තොල් ඇසුරින් උපදින.
දන්ධ
1. වි. අනුවණ; මෝඩ.
2. වි. සෙමින් කටයුතු කරන.
දන්ධාභිඥ
වි. වහා නොවැටහෙන නුවණින් යුතු; සියුම් නොවූ නුවණ ඇති.
දන්පත
නා. යමක් දාන වශයෙන් දීමේ දී ඒ පිණිස ලියා දෙන සීට්ටුව; පූජා පත්රය; දාන පත්රය.
දන්පෙත්
නා.ප්ර. දානය සඳහා දිය යුතු කොටස; දාන භාගය.
දන්වට
1. නා. අඛණ්ඩව දෙන දානය.
2. නා. දාන වස්තුව; දානෝපකරණය.
දන්වනවා
1. ක්රි. දැනුම් දෙනවා; නිවේදනය කරනවා; යමක් දැනගැනීමට සලස්වනවා.
2. ක්රි. දක්වනවා; පෙන්නුම් කරනවා; පෙනෙන්නට සලස්වනවා; අඟවනවා.
දන්වරුපෙත
නා. වාර වශයෙන් දෙන දානයට වෙන්කර ඇති කොටස; වාර දානයක් වශයෙන් භික්ෂූන්වහන්සේලාට පූජා කර ඇති කුඹුරු හෝ කුඹුරු යාය.
දන්වසුන්
නා.ප්ර. දානය සඳහා පිළියෙල කළ ආහාරපාන බහාලූ භාජන; දන් බඳුන්.
දන්වා
නා.ප්ර. දානවයා; අසුරයා.
දන්සල
1. නා. දන්දීම සඳහා තනා ඇති ශාලාව; දන්හල.
2. නා. වන්දනාකරු හා යාචක ආදින් වෙත ඇතැම් පොහෝ දිනවල දී ආහාරපාන සපයන තාවකාලික දානශාලාව.
දනා
නා. ජනයා.
දනාග්රය
නා. දන්ගේ; දන් කළමනා එක්රැස් කොට තබන ගෘහය.
දනාදිප
නා.ප්ර. ධනයට අධිපතියා වන කුවේර හෙවත් වෛශ්රවණ.
දනිත
නා.ප්ර. ශබ්ද නඟා කියවිය යුතු මහාප්රාණක්ෂර.
දනු
1. නා.ප්ර. (බඹර මීමැසි ආදින්ගේ) නාදය; (ගී) රාවය; ධ්වනිය; හඬ.
2. නා.ප්ර. දුන්න; චාපය.
දනුදර
නා.ප්ර. දුන්නෙන් විදීම පිළිබඳ ශිල්පය දන්නා තැනැත්තා; ධනුර්ධරයා.
දනුමැති
1. වි. දැනුම ඇති; දන්නාවූ; ප්රඥාන්විත.
2. වි. අවවාදාත්මක; උපදේශාත්මක.
දනුවෙය
නා. ධනුර්වේදය.
දප
1. නා. දර්පය; උදාර හැඟීම; අහංකාරය; එඩිය; ආඩම්බරය.
2. නා. රතී ක්රීඩාව; මෛථුනය.
3. නා. ජප කිරීම; මැතිරීම; ජීවම් කිරීම.
4. නා. කැඩපත.