සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 796

දම්මෝල

නා. කෙළවර පිලිස්සුණු ලීය; නිවුණු ගිනිපෙනෙල්ල.

දම්රජ

1. නා.ප්‍ර. යමරජ.
2. නා.ප්‍ර. ධර්මරාජ; බුදුරජ.

දම්වැල

1. නා. (සාමාන්‍යයෙන් ලෝහයෙන්) පුරුක්වලින් යුත් හොඳින් නැමෙන සුලු; දාමය.
2. නා. යාර විසි දෙකක මැනුම් ඒකකය.
3. නා. ඉණෙහි බඳින හවඩිය.

දම්වැල් පාලම

නා. දම්වැල්වලින් එල්ලා සාදා ඇති පාලම; සංගිලි

දම්වැල් බොලොක්කය

නා. එකට ගැළපු කප්පි කීපයක් කරකැවීමෙන් විශාල බරක් පහසුවෙන් එසවීම සඳහා නිර්මිත විශේෂ බොලොක්කයක්.

දම්සක්

1. නා. බුදුන් වහන්සේ විසින් ස්වකීය ධර්මය ඇතුළත් කොට පළමු ව දේශිත ධර්ම දේශනාව; ධම්ම චක්කය; දම්සක් පැවැතුම් සූත්‍රය.
2. නා. බුදුන් වහන්සේ නොහොත් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික ධර්මය නිරූපණය කරන අර අටකින් යුත් චක්‍ර සංකේතය; ධර්ම චක්‍රය.

දම්සබය

1. නා. ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම ආදිය සඳහා පැවැත්වෙන සභා රැස්වීම.
2. නා. දම්සභා මණ්ඩපය.

දම්හල

නා. දහම් දෙසීම හා දහම් ඇසීම් සඳහා පිළියෙල වූ ශාලාව; ධර්මශාලාව; බණමඩුව.

දම්‍ය

වි. දමනය කළයුතු; හික්මවිය යුතු.
නා.ප්‍ර. ගවපැටියා.

දමිටු

වි. ධර්මයෙහි පිහිටි; ධර්මයට අනුකූල ව ජීවත් වන; ධර්මිෂ්ඨ; යුක්තියෙහි පිහිටි.

දමිඳු

නා.ප්‍ර. ධර්මයට අදිපති වන්නා.

දමිළ

වි. ද්‍රවිඩ ජාතියට හා භාෂාවට අයත්.
නා.ප්‍ර. දෙමළ ජාතිකයා; ද්‍රවිඩ වර්ගයට අයත් තැනැත්තා.

දමී

නා.ප්‍ර.බහු. දහම්දර පඬිවරු; ධර්මධර තෙරවරු.

දමු

වි. පිළිස්සුණු; ගින්නෙන් දැවුණු; පැලැහුණු.

දඹ

1. නා.ප්‍ර. දාමය; වැල; මාලාව.
2. නා.ප්‍ර. තද බෑවුම සහිත ගල්කුළ; තද බෑවුම සහිත කන්ද.

දඹරත්රන්

1. නා.ප්‍ර. දඹදිව ජම්බු නදියෙන් උපනැයි කියන රන්; ජාම්බෝනද ස්වර්ණ.
2. නා.ප්‍ර. ඇතැම් ගල් පර්වත කඳු සානු පාර්ශ්වයෙහි බෙහෙවින් සිරස් ව පවතින බෑවුම් හෙවත් මුහුණත්.

දඹරැල්ල

(කථා.) නා. ගින්නෙන් දැවීගිය බිම; දඹුව.

දඹු

1. නා.ප්‍ර. කොළ රොඩු ආදිය දැවීමෙන් සුළඟේ පාවී යන අළු.
2. නා.ප්‍ර. හේන්වල සම්පූර්ණයෙන් නොදැවී ඉතිරි වූ දඬුකැබලි.
3. නා.ප්‍ර. නිවීගිය පහනක දැවී ඉතිරි වූ පහන් තිරය; දැල්ල.
4. නා.ප්‍ර. හිවලා; කැණහිලා.
5. නා.ප්‍ර. හෝතඹුවා.
6. නා.ප්‍ර. කඩමාලු; කිත්තන්; අත් පන්දම් සඳහා ගැනෙන තණ කෙඳි බෝල.
7. වි. දාගිය; දැවීගිය.

දඹු ගසනවා

ක්‍රි. පිඹිනවා.

දඹුජ්ජ

1. (කථා.) වි. මඳක් උණු කළ තෙලිජ්ජ; රත් කළ මීරා.
2. වි. සකුරු සෑදීමට පැණි උණු කළ වළඳට වතුර වත්කර සාදන පානය.

දඹුබත

නා. පිළිස්සුණු බත; දංකුඩ.

දඹෝර

නා. මහා සමුද්‍රයෙහි ඇතැයි සැලකෙන ශංඛ විශේෂවලින් එකක්.

දය

1. නා.ප්‍ර. දයාව; කරුණාව; මෛත්‍රිය.
2. නා.ප්‍ර. ගොයම් තණ ආදිය කැපීමට ගන්නා උපකරණය; දෑකැත්ත.

දයනීය

වි. දයා කටයුතු වූ; කරුණාව දැක්විය යුතු වූ.