දාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක සීමාව; අයින; ගැට්ට; වාටිය; නෙත්තිය; කෙළවර; දසාව.
2. නා. උඩට නෙරාගිය තීරය; ගැඹුරු රේඛා දෙකක් අතර උස් ව තිබෙන කොටස; සමතලා දෙකක් අතර රේඛාවක් මෙන් උස් ව පිහිටි නාරටිය.
3. (පාරිභා.) නා. ඩිම්බ කෝෂයක ඩිම්බ බන්ධනවල පිහිටීම හෙවත් වින්‍යාසය (=margin).
4. (පාරිභා.) නා. ප්‍රස්තාරයක සිරස් සම්බන්ධ කරන රේඛා ඛණ්ඩය.
5. (පාරිභා.) නා. අලවංකුවකින් කොටසක් වූ දික් ගියර දත් හා සමාන සමාන්තර නාරටි සමූහයෙන් එකක් (= spline).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. acies
2. n. border
3. n. edge
4. n. flange
5. Psy. fringe
6. fringes
7. n. groove
8. n. margin
9. Bot. seam
10. n. spine
11. Art. spline