සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 816
දාමරික
වි. දරුණු ස්වභාවය ඇති; සාහසික; චණ්ඩ.
දාම්කෙත
නා. පුලුස්සන ලද කෙත; දවන ලද භූමි භාගය; දාගිය හේන.
දාමාලය
නා. ධාතු මාලකය.
දායක
1. වි. දෙන්නා වූ; දීමෙහි යෙදුණු; ප්රදානය කරන.
2. වි. උපදවන; ජනිත කරන; ඇති කරන; ගෙන දෙන.
3. වි. සහභාගි වන; කොටස්කරුවකු වන.
1. නා. සිවුපසයෙන් සංග්‍රහ කරන්නා.
2. නා. අනුග්‍රාහකයා; කොටස්කාරයා; මුදලින් හෝ වෙනත් අයුරකින් ආධාරෝපකාර කරන තැනැත්තා.
3. නා. විහාරස්ථානයක කැපකරුවා.
දායක මිල
නා. කොටස් කරුවකු වීමේ දී ගෙවන මුදල; සාමාජික මුදල.
දායජ
නා.ප්‍ර. දායාදය; ධනය; වස්තුව.
දායාදය
1. නා. මවුපිය උරුමයෙන් ලැබෙන වස්තු සම්පත් ආදිය; උත්පත්තියෙන් ම හිමිකම් ඇති දේ.
2. නා. කාන්තාවක සරණ පාවා දීමේ දී ඇය වෙනුවෙන් ස්වාමිපුත්‍රයාට දෙනු ලබන වස්තු සම්පත් ආදිය; දෑවැද්ද.
දාර
1. නා.ප්‍ර. භාර්යාව.
2. නා.ප්‍ර. පිඹුරා
3. නා.ප්‍ර. කිඹුලා.
4. නා.ප්‍ර. දැරීම;ඉසිලීම.
දාර ගලනවා
1. ක්‍රි. දහර හෙවත් ධාරා වශයෙන් වැගිරෙනවා.
2. ක්‍රි. මුණින් වැටෙනවා.
දාර පරිග්‍රහය
නා. භාර්යාවක් පාවා ගැනීම; ආවාහය.
දාරක බීජය
නා. දරුවකු ඉපදවීමට ශක්තිය ඇති බීජය; දරුබීජය.
දාරක මෝචනය
නා. ප්‍රසූතිය.
දාරකයා
නා. ළදරුවා; දරුවා.
දාරකාභිවෘද්ධිය
නා. දරුවන්ගේ ශුභසිද්ධිය.
දාරකෝත්පත්තිය
නා. දරුවකු ඉපදීම; දරු උපත.
දාරණය
නා. පැළීම; විදාරණය; ඔසුවලින් හෝ ශල්‍ය මගින් හෝ වණයක් පැළීම.
දාරභරණය
නා. භාර්යාවක පාවාගෙන පෝෂණය කිරීම.
දාරභාරය
නා. භාර්යා රක්ෂණය; අඹුවක රැක ගැනීමේ බර.
දාරය
1. නා. යමක සීමාව; අයින; ගැට්ට; වාටිය; නෙත්තිය; කෙළවර; දසාව.
2. නා. උඩට නෙරාගිය තීරය; ගැඹුරු රේඛා දෙකක් අතර උස් ව තිබෙන කොටස; සමතලා දෙකක් අතර රේඛාවක් මෙන් උස් ව පිහිටි නාරටිය.
3. (පාරිභා.) නා. ඩිම්බ කෝෂයක ඩිම්බ බන්ධනවල පිහිටීම හෙවත් වින්‍යාසය (=margin).
4. (පාරිභා.) නා. ප්‍රස්තාරයක සිරස් සම්බන්ධ කරන රේඛා ඛණ්ඩය.
5. (පාරිභා.) නා. අලවංකුවකින් කොටසක් වූ දික් ගියර දත් හා සමාන සමාන්තර නාරටි සමූහයෙන් එකක් (= spline).
දාරයා
නා. වැඩුණු දරුවා; වැඩුණු තරුණයා; දහරයා.
දාරලුව
1. (කථා.) නා. තද අවුව; තද සූර්ය රශ්මිය.
2. නා. අධික ලෙස පෑවීම; තද ඉඩෝරය.
3. නා. මධ්‍යහ්න වෙලාව.
දාර්ඪ්යය
නා. (ලී, යකඩ ආදියෙහි) කැඩීම හා බිඳීම වළක්වන එකට බැඳී සිටින ස්වභාවය; දැඩි ගතිය.
දාර්ශනික
වි. දර්ශන ශාස්ත්‍ර විෂයෙහි නිපුණත්වයක් ලබා ඇති; දර්ශනය හා සම්බන්ධ.
දාරා පරිග්‍රහය
නා. භාර්යාවක් පාවා ගැනීම; බිරිඳක් සරණ කර ගැනීම.