ධාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැරීම; ඉසිලීම.
2. නා. සිතෙහි දැරීම.
3. නා. සිත නියමිත අරමුණක පිහිටුවා ගැනීම.
4. (පාරිභා.) නා. අහිතකර පරිසර තත්ත්වයන් දරා සිටීම සඳහා ශාකයකට ඇති හැකියාව.
5. නා. ශාක තුළ වැඩෙන පරපෝෂිත දරා සිටීම.
6. (පාරිභා.) නා. පිළිසිඳ ගැන්මේ සිට ප්‍රසූතිය දක්වා ගැබ දරා සිටීම.
7. (පාරිභා.) නා. මලමුත්‍ර පහ කිරීම වැනි වේගයන්ගෙන් වැළකී සිටීමේ හැකියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැරීම; රඳා පැවැත්ම/ ඇසූ දුටු දේ ආදිය සිත්හි දැරීම/ සිත නියමිත අරමුණක පිහිටුවීම (පා. සං. ධාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Inf. hold
2. imprinting
3. n. memory
4. Log. mneme
5. n. retention
6. Bot. toleration