සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 884
ධාරණය
1. නා. දැරීම; ඉසිලීම.
2. නා. සිතෙහි දැරීම.
3. නා. සිත නියමිත අරමුණක පිහිටුවා ගැනීම.
4. (පාරිභා.) නා. අහිතකර පරිසර තත්ත්වයන් දරා සිටීම සඳහා ශාකයකට ඇති හැකියාව.
5. නා. ශාක තුළ වැඩෙන පරපෝෂිත දරා සිටීම.
6. (පාරිභා.) නා. පිළිසිඳ ගැන්මේ සිට ප්රසූතිය දක්වා ගැබ දරා සිටීම.
7. (පාරිභා.) නා. මලමුත්ර පහ කිරීම වැනි වේගයන්ගෙන් වැළකී සිටීමේ හැකියාව.
ධාරණශීලතාව
(පාරිභා.) නා. යකඩ, වානේ ආදියට කවන ලද කාන්දම් බලය රඳා පවත්වා ගැනීමේ ශක්තිය (=remanence).
ධාර්මික
වි. දහමට අනුකූල; දැහැමි; ධර්මයෙන් යුක්ත; ධර්මානුකූල.
ධාරා ඌෂ්මකය
(පාරිභා.) නා. වාතය ඇදෙන ගිනි උදුන (=blast burnance).
ධාරා ගෘහය
නා. ස්නානය සඳහා වතුර මල් යොදා ඇති නාන කාමරය.
ධාරා මාපකය
(පාරිභා.) නා. විදුලි ධාරාව මනින උපකරණය; ඇමීටරය.
ධාරාධර
1. නා.ප්ර. ජල ධාරා දරා සිටින්නා; වලාකුළ; මේඝය.
2. නා.ප්ර. කඩුව; අසිපත.
ධාරානිපාතය
නා. නොකඩවා ඇද හැලෙන වැසි දහර; මහවැස්ස.
ධාරාව
1. නා. නොකඩවා ගලා යන දෙය; අඛණ්ඩ ප්රවාහය.
2. නා. ගලා යන විදුලි බලය; විද්යුත් ප්රවාහය.
ධාරිත නිෂ්පාදිතය
(පාරිභා.) නා. නිෂ්පාදනය කරන ලද දෙයින් ඉතිරි කර ගන්නා ලද කොටස.
ධාරිතය
නා. සිතෙහි ධාරණය කළ පෙළ දහම; ඇසූ පිරූ පිටකත්ර ධර්මය.
ධාරිතා බලය
(පාරිභා.) නා. විද්යුත් ආරෝපණයක් ගබඩා කර තබා ගැනීමට ඇති හැකියාව.
ධාරිතාව
නා. යමක් තුළ යමක් රඳවා තබා තවත් ගත හැකි ප්රමාණය; දරා සිටීමේ හැකියාව; ඉඩ ප්රමාණය; පරිමාව (=capacity).
ධාරී
වි. උසුලා සිටින; දරා සිටින.
නා. දරන්නා; උසුලන්නා; දරා සිටින්නා.
ධාවක
නා.ප්ර. දුවන්නා; ධාවනයෙහි යෙදෙන්නා (=runner).
ධාවකය
1. (පාරිභා.) නා. බිමට මුල් අල්ලමින් යන වැල.
2. නා. උපකරණයක ඒ මේ අත ගමන් කරවිය හැකි කොටස (=cursor).
ධාවනය
1. නා. වේගයෙන් ගමන් කරවීම; ඉතා වේගවත් ගමන; දිවීම.
2. නා. ගලා යෑම; ගැලීම.
ධීමත්
වි. ප්රඥාවන්ත; නැණවත්; බුද්ධිමත්.
නා.ප්ර. බ්රහස්පති ග්රහයා.
ධීර
1. වි. නුවණින් යුත්; ප්රාඥ.
2. වි. ධෛර්ය ඇති; දිරිමත්.
3. වි. හික්මුණු ගතියෙන් යුතු; ඉවසනසුලු.
4. වි. බලසම්පන්න.
ධීවරයා
නා. කරදිය හා මිරිදිය මසුන් මැරීම පිළිබඳ කර්මාන්තයේ නියුක්තිකයා; මසුන් මරන්නා.
ධුත
වි. කම්පිත වූ; කෙලෙස් නැසූ.
ධුතඞ්ගය
නා. කෙලෙසුන් තැවීමේ අඞ්ගය; ක්ලේශයන් තැවීමට උපකාර වන චර්යාව.
ධුනනය
නා. කම්පා කිරීම; සෙලවීම.
ධුර කාලය
නා. තනතුරෙහි කටයුතු කරන කාලය; නිල කාලය; පදවිය; දරන කාලය.