සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 885

ධුරන්ධර

1. වි. පදවිය උසුලන; ධුරය දරන; නිලය දරන.
2. වි. ගැල් බර උහුලන; වියගස් දරන.

ධුරනික්ෂේපය

1. නා. යම්කිසි වස්තුවක් හෝ කාර්යයක් පිළිබඳ ව ආශාව වගකීම හෝ භාරය අත්හැර දැමීම.
2. නා. බලාපොරොත්තුවක් නැතිකම; ධුරය අත්හැර දැමීම.

ධුරය

1. නා. පදවිය; තනතුර; නිලය.
2. නා. ඉටු කළ යුතු කාර්යය; වගකීම; කාර්යය.
3. නා. වියගහ; රිය හිස; රථ ශීර්ෂය.
4. නා. දැරිය යුතු දෙය.
5. නා. උත්සාහය; වීර්යය; පරිශ්‍රමය.

ධුරාවලිය

නා. තානාන්තර පද්ධතිය; තනතුර අනුපිළිවෙළ; නිල පන්තිය.

ධූපනය

1. නා. දුම්ගැස්වීම; දුම්
2. නා. තෙල්වලින් තෙම්පරාදු කිරීම.

ධූපය

1. නා. පූජා පිණිස දල්වන සුවඳ ද්‍රව්‍යය; ධූපන වර්ග; සුවඳ දුම් සඳහා ගන්නා ද්‍රව්‍යය.
2. නා. ඖෂධ ද්‍රව්‍ය දැවීමෙන් නඟින දුම ඉරීම.

ධූම

1. නා.ප්‍ර. ගින්නෙන් නඟින දුම; යමක් පිලිස්සීමෙන් නඟින දුම.
2. නා.ප්‍ර. වාෂ්ප පටලය; මීදුම.
3. නා.ප්‍ර. ශරීරයේ පිත කෝප වීමෙන් හටගන්නා රෝග සතළිසෙන් එකක්.

ධූම කේතුව

නා. වල්ගා තරුව.

ධූම පානය

නා. දුම්කොළ ආදි කොළ වර්ග පිලිස්සීමෙන් නොහොත් තැම්බීමෙන් උපදින දුම ඉරීම; දුම්බීම.

ධූම යන්ත්‍රය

නා. වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රය.

ධූම යාත්‍රාව

නා. වාෂ්ප බලයෙන් ධාවනය වන යාත්‍රාව; දුම් බෝට්ටුව; දුම් නැව.

ධූම රථය

නා. වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ඇන්ජිමකින් ධාවනය වන රථය; දුම්රිය.

ධූම රාජිය

නා. දුම්රොද.

ධූමක ක්‍රියාව

නා. විෂබීජ නාශනය සඳහා දුම්ගැස්වීමේ ක්‍රියාව; විෂබීජ නාශක ධූපනය.

ධූමකරය

නා. කෘෂිකර්මයේ දී පසෙහි ජීවාණුකරණය සඳහා පාංශුධූම යෙදීම.

ධූමනය

නා. දුම් ගැසීම; දුම් ඇල්ලීම; දුම්දීම.

ධූමලය

නා. අහසට නැගුණු දූවිලි පටලය; ධූලි වලාකුළ.

ධූමවර්ණ

නා.ප්‍ර. දුඹුරු පාට; දුඹුරු පැහැය.

ධූමසිඛා

නා.ප්‍ර. ක්‍රමයෙන් සිහින් වී යන දුම් කඳ.

ධූමිකාව

(පාරිභා.) නා. පොළොව මතුපිට හෝ ඊට ආසන්න වු තාවකාලික ව ඇතිවන ජල වාෂ්ප පටලය.

ධූර්තයාව

නා. සුරාව, සූදුව, සල්ලාලකම ආදි දුසිරිත්වල ගැලුණු තැනැත්තා.

ධූලක රක්තිය

(පාරිභා.) නා. ශරීරයේ පටක විෂ වීම; ලේ විෂ වීම.

ධූලකය

(පාරිභා.) නා. සත්ත්වයන්ගේ සහ ශාකවල අභ්‍යන්තරයෙහි හටගන්නා රෝග කාරක ඓන්ද්‍රීය විෂ වර්ගයක්.

ධූලි

නා.ප්‍ර. දූවිලි; දූවිල්ල; රජස්.