සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 886
ධූසර
1. වි. මඳ පඬු පැහැය ඇති; අළු පාටින් යුත්.
2. වි. ප්‍රසන්න නොවූ; නොපැහැදුණු.
ධූසරය
නා. අළු පාට; අඳුරු පැහැය.
ධෘත
වි. දරන ලද; පුරුදු කළ.
ධෘතරාස්ට්‍ර
නා.ප්‍ර. සතරවරම් දෙවිවරු අතරින් එක් දෙවි කෙනෙකුගේ නාමය.
ධෘතිකය
(පාරිභා.) නා. සමනලයන් වැනි කෘමින්ගේ ඉදිරිපස සහ පිටුපස පියාපත් එකට සම්බන්ධ කරන බද්ධය.
ධෘතිමත්
වි. දිරිමත්; වීර්යවන්ත.
ධෘතිය
1. නා. ධෛර්යය; වීර්යය.
2. නා. ස්ථිරසාරභාවය.
3. නා. සතුට; සන්තෝෂය; තෘප්තිය.
4. නා. යාගය.
ධෘෂ්ට
වි. ගරු සරු නැති; බිය සැක නැති; පැකිලීමක් නොමැති.
ධේනුව
නා. ගැහැනු සතා; සිව්පා සතුන්ගේ සහ පක්ෂීන්ගේ ගැහැනු සතා.
ධේය
වි. දැරිය යුතු; ගත යුතු.
ධෛර්යය
නා. නොවෙනස් ව ස්ථිර ව පැවතීමේ චිත්ත ශක්තිය; උත්සාහය; ධීරභාවය; විඳ දරා ගැනීමේ ශක්තිය.
ධෝත
වි. සෝදන ලද; ධෝවනය කරන ලද.
ධෝතසඞ්ඛ
නා.ප්‍ර. පිරිසිදු හක්ගෙඩිය.
ධෝවනය
නා. ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සේදීම; දෙවීම.
ධෞත
වි. ධෝවනය කරන ලද.
න
සිංහල හෝඩියේ හතළිස් තුන් වැනි අකුර; විසිහතර වැනි ව්‍යඤ්ජනාක්ෂරය වූ මෙය අල්පප්‍රාණ ඝෝෂාක්ෂරයකි. දන්තජ අනුනාසිකයකි.
නං දොඩවනවා
1. ක්‍රි. සිහිය විපරීත වීම නිසා දිගින් දිගට කියවනවා; විකාරයෙන් කතා කරනවා.
2. ක්‍රි. තේරුමක් නැති දේ පවසනවා; ප්‍රලාප දොඩනවා; හිස්බස් කියනවා.
නංගී
1. නා. බාල සහෝදරිය; නැගණිය.
2. නා. වයසින් තමාට වඩා බාල ස්ත්‍රීන් සඳහා යොදන ආමන්ත්රණ පදයක්.
නංඩුව
1. නා. වී, තිරිඟු ආදි ධාන්‍ය ඇටවල පවතින සිහින් දැඩි කෙන්ද; නරුව.
2. (පාරිභා.) නා. ඇණ ගැලවීම සහ තද කිරීම සදහා භාවිත කරන අඬුව.
නක
1. නා.ප්‍ර. නියපොත්ත; නිය.
2. නා.ප්‍ර. නිකාය; ආගමික නිකාය.
නකත
1. නා. අහසේ රාශි චක්‍රයෙහි පිහිටි විසි වැදෑරුම් තාරකා ගණ විසිහතෙන් එකක්.
2. නා. සුබ මොහොත; නැකත් වේලාව.
3. නා. තරුව; තාරකාව.
නකත් කෙළිය
නා. නක්ෂත්ර යෝගයක් මුල් කොට ගෙන පවත්වන ලද සැණකෙළියක්.
නක්කලය
1. (කථා.) නා. අවහිරය; බාධාව; සම්බාධකය; කරදරය.
2. (කථා.) නා. සමච්චලය.
නක්කල්
(කථා.) වි. නරක; නුසුදුසු; අශෝභන; අගෝචර.