සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 887
නක්ත
නා.ප්‍ර. රාත්‍රි කාලය; රාත්‍රිය; රැය.
නක්ෂත්ර ඒකකය
(පාරිභා.) නා. සෞරග්‍රහ මණ්ඩලය තුළ දුර මැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ඒකකය.
නක්ෂත්ර දවස
(පාරිභා.) නා. ධ්රැව තාරකාව වටා සම්පූර්ණ වටයක් යන පරිදි තාරකාවක දෘශ්‍ය ගමන සඳහා ගතවන කාලය.
නක්ෂත්ර මහාදශාව
නා. මිනිසකුගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් කොට සලකා, කාලය පිළිවෙළින් රවි, චන්ද්‍ර, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු, කිවි යන ග්‍රහයන් අතර බෙදීමේ දශා ක්‍රමය; විංශෝත්තරී දශාව.
නක්ෂත්ර විද්‍යාව
නා. ග්රහතාරකා සහ එයින් ලෝකයට වන බලපෑම පිළිබඳ වූ ශාස්ත්‍රය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය.
නක්ෂත්රඥයා
නා. ජ්යොතිශ්ශාස්ත්රඥයා; දෛවඥයා.
නක්ෂත්රය
1. නා. තරුව; තරු සමූහය; නැකත.
2. නා. ආකාශ වස්තු පිළිබඳ උගන්වන ශාස්ත්‍රය; නැකැත් ශාස්ත්‍රය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය.
3. නා. රාශි චක්‍රයේ විසි හතෙන් පංගුව.
4. නා. යම්කිසි සිදුවීමක වේලාව හෝ යම් කාර්යයක් සිදු කිරීම සඳහා යොදා ගන්නා සුබ වේලාව; නැකත.
නක්ෂත්රයෝගය
නා. ඇතැම් නැකැත් සහ ග්‍රහයන් එක් ව යෙදීම.
නකුල
නා.ප්‍ර. මාංශ භක්ෂක කුඩා සිවුපාවෙක් වන මුගටියා.
නඛපඤ්ජරය
නා. සිවුපාවුන්ගේ සහ පක්ෂීන්ගේ නිය පොකුර; නියපඳුර.
නඛරය
1. (පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ උල් නියපොත්ත; සිවුපාවන්ගේ හා පක්ෂීන්ගේ ගාත්‍රයක අග තිබෙන උල් වකුටු නිය.
2. නා. ඇතැම් මල්වල දලයේ සිහින් දිග පහටිය.
නඛායුධ
නා.ප්‍ර. උල් වූ නිය ඇති සතා; සටනෙහි දී සහ ගොදුරු අල්ලා ගැනීමෙහි දී නිය ආයුධ කොට ගන්නා සතා.
නගණය
නා. (ඡන්දස් ශාස්ත්‍රයෙහි එන ගණ අට අතුරෙන්) ලඝු අක්ෂර තුනක් ඇති ගණය.
නගනය
නා. ඇස් පිහාටු පර්යන්තයෙහි මතු වී වේදනා ගෙන දෙමින් දින කීපයකින් සුව වන බිබිලි වෙසෙසක්.
නගනවා
1. ක්‍රි. ඉහළට ඔසොවනවා; උස්සනවා; උස් සිටිනසේ සාදනවා.
2. ක්‍රි. මතු කරනවා; ගොඩ ගන්නවා; උඩට ගන්නවා.
3. ක්‍රි. තනනවා; සාදනවා; ගොඩ නගනවා.
4. ක්‍රි. පිටුවහල් කරනවා; පිටත් කරනවා; නෙරපනවා.
5. ක්‍රි. වමාරනවා; පිට කරනවා.
6. ක්‍රි. ඇති කරනවා; උපදනවා; උපයනවා.
7. ක්‍රි. දමනවා; ලනවා; තැන්පත් කරනවා.
8. ක්‍රි. එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරනවා.
9. ක්‍රි. උසස් කරනවා; වැඩි දියුණු කරනවා.
නගර ද්වාරය
නා. නගරයට ඇතුළුවීමට තිබෙන දොරටුව; නුවර දොරටුව.
නගරබද
1. වි. නගරයට කිට්ටුව පිහිටි; නුවරට යාබද; නගරාසන්න.
2. (කථා.) වි. නගරයට අයත්; නුවර හා සම්බන්ධ; නාගරික.
නගරය
නා. වැඩි ජනගහනයක් සහිත ජනතාවට අවශ්‍ය පහසුකම්වලින් යුක්ත කාර්යාල, ආයතන, කර්මාන්තශාලා, වෙළඳසැල්, වීදි මන්දිර ආදියෙන් පිරුණු ජනාවාස ප්‍රදේශය.
නගරවින්යාසය
නා. නගරයක ව්‍යාප්තිය සහ සංවර්ධනය විධිමත් ලෙස කිරීම සඳහා සැලසුම් සම්පාදනය.
නගරශාලාව
1. නා. නගර පාලනය පිළිබඳ මූලස්ථානය වශයෙන් යොදාගනු ගොඩනැගිල්ල ලබන; පුරහල.
2. නා. නගරසභා කාර්යාල භූමියේ පිහිටා ඇති ප්‍රධාන දේශනාදිය පැවැත්විය හැකි ගොඩනැගිලි කොටස; දෙසුම්හල.
නගරශෝභිනිය
1. නා. පුරාණ සමාජයන්හි නගරයට අත්‍යවශ්‍ය අංගයන් සේ සැලකුණු නෘත්‍ය ගීතාදියෙන් අගතැන්පත් රූප සුන්දරිය.
2. නා. ඉහළ පෙළේ වෛශ්‍යාව.
නගරසභාව
නා. නගර පාලනය සඳහා නගර වැසියන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරනු ලබන නියෝජිත මණ්ඩලය (=urban council).
නගරසභිකයා
නා. නගරසභාවක කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා ඡන්දයෙන් තෝරා පත් කරන ලද තැනැත්තා; නගරසභාවේ සාමාජිකයා.
නගරාඞ්ගණය
නා. නගරයක උත්සව, සමාජ සන්දර්ශන පොදු ක්‍රීඩා, සැණකෙළි ආදිය පැවැත්වීම සඳහා වෙන් කරන ලද ප්‍රධාන පිට්ටනිය.