නිබන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැඳීම; එකට යෙදීම; සංයුතිය.
2. නා. ගද්‍ය පද්‍ය රචනය; සාහිත්‍ය ලේඛනය.
3. නා. ඇලීම; අභිරතිය.
4. නා. තහවුරු අදහස; අධිෂ්ඨානය.
5. නා. අවහිරය; බාධකය.
6. නා. දීමනාව; පිරිනැමීම.
7. නා. හේතුව; කාරණය.
8. නා. යමක් ඔප්පු කිරීමට මූලික සාධකයක් කොට ගත් නිගමනය; පූර්ව සිද්ධාන්තය (=lemma).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැඳීම; එකට යෙදීම; සංයුතිය/ ගද්‍ය-පද්‍ය රචනය; සාහිත්‍ය ලේඛනය (පා. සං. නිබන්‍ධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. abstract
2. n. composition
3. n. dissertation
4. n. thesis