අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 170
නිධනප්රාප්ත
වි. අභාවයට පත්; මැරුණු
නිධනය
නා. අභාවය; මරණය (සං. නිධන)
නිධානය
නා. සඟවා තැබූ වස්තුව; ආරක්ෂා කොට තැබූ ධනය; තැන්පත් කළ වස්තුව (පා. සං. නිධාන)
නිධානෝත්සවය
නා. නිධාන වස්තු තැන්පත් කිරීමේ උලෙළ; පූජ්‍ය වස්තුව නිධන් කිරීමේ පිංකම
නිධිය
නා. උත්පත්ති ස්ථානය; වාසස්ථානය; නිධානය/ ආකරය (පා. සං. නිධි)
නිනව්ව
නා. සිහි කල්පනාව; නිශ්චය; මතකය/ නියම ස්ථානය; නිවැරදි ප්‍රදේශය
නින්දාලාපය
නා. පරිභව කරන වචනය
නිපාතනය
නා. පතිත වීම (පා. සං. නිපාතන)
නිපුණ
වි. ප්‍රවීණ; සමත්; ශූර (පා. සං. නිපුණ)
නිබන්ධනය
නා. බැඳීම; එකට යෙදීම; සංයුතිය/ ගද්‍ය-පද්‍ය රචනය; සාහිත්‍ය ලේඛනය (පා. සං. නිබන්ධන)
නිබන්ධය
නා. බැඳී පවත්නා බව; ගද්‍ය-පද්‍ය රචනය/ ශාස්ත්‍රීය කෘතිය (පා. සං. නිබන්ධ)
නිමන්ත්‍රණය
නා. ආරාධනය; ඇරයුම/ බලකොට ඉල්ලීම; නියෝගය (සං. නිමන්ත්‍රණ)
නිම්නය
නා. පහත් තැන; වළ/ මිටියාවත; දෙණිය (පා. සං. නිම්න)
නිම්වළල්ල
නා. රෝදයේ පට්ටම; නිම/ ක්ෂිතිජය (පා. නෙමිවලය)
නිමිත්ත පාඨකයා
නා. ලකුණු බලා ඉෂ්ටානිෂ්ට ඵල කියන්නා
නිමීලනය
නා. ඇසිපිය හෙළීම (පා. සං. නිමීලන)
නිමේෂණය
නා. ඇසිපිය හෙළන කාලය (සං. නිමෙෂණ)
නිමේෂය
නා. ඇසිපිය හෙළීම; ඇස්පිල්ලන් ගැසීම/ ඇසිපියක් හෙළන කාලය; මාත්‍රාවක් උසුරුවන කාලය (සං. නිමෙෂ)
නිඹුල්
වි. එක් කුස එකට හොත්; එක් මවකගෙන් එක්වර උපන්
නියඟලා
නා.ප්‍ර. ගිනි දලුවක් මෙන් රතු කහ සුදු අලංකාර මල් පිපෙන වැලක් (පා. සං. ලාඞ්ගලී)
නියත විවරණය
නා. බෝධිසත්වයකු මතු බුදු වෙතැයි බුදුවරයකු විසින් ඔහු සම්මුඛයේ කරනු ලබන ප්‍රකාශය
නියන
වි. පමුණුවන; සසරින් නික්මෙන; මෙහෙයවන (පා. නිය්‍යානික) නා. වඩු උපකරණයක් (පා. නිඛාදන)
නියඹලාව
නා. ව්‍යංජන සකසන විශේෂ ක්‍රමයක්
නියාලු
වි. නිවට; මෝඩ; බැගෑපත්/ දුප්පත්; දිළිඳු