අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 171
නියැලෙනවා
ක්‍රි. යෙදෙනවා; තත්පර වෙනවා; නියුක්ත වෙනවා
නියුමෝනියාව
නා. ශ්වාස නාලිකා හෝ පෙණහලු හෝ ආශ්‍රිතව සෑදෙන රෝගයක් (ඉං. pneumonia)
නියුරෝනය
නා. පෘෂ්ඨවංශිකයන්ගේ සහ සමහර අපෘෂ්ඨ වංශිකයන්ගේ ස්නායු පද්ධතිය පිළිබඳ මූලික සෛලය (ඉං. neurone)
නියෝජනය
නා. යෙදවීම; මෙහෙයවීම/ යමක් හෝ යමකු හෝ වෙනුවෙන් යොදවනු ලබන දෙය හෝ අය; යමකු වෙනුවෙන් පෙනී සිටීම (පා. සං. නියොජන)
නියෝජ්‍ය
වි. ප්‍රධානයා වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ව සිටින (සං. නියොජ්‍ය)
නිරංකුශ
වි. නිදහස්; ස්වාධීන (සං. නිරඞ්කුශ)
නිරක්ෂය
නා. පොළොවේ උතුරු, දකුණු ධ්රැව දෙකට සමදුරින් පිිහිටි කල්පිත තිරස් රේඛාව; සමකය (සං. නිරක්ෂ)
නිරනුමානය
නා. සැක නැති බව; නො අනුමාන බව (සං. නිරනුමාන)
නිරපරාධ
වි. වරදින් තොර; නිදොස් (පා. සං. නිරපරාධ)
නිරපේක්ෂ
වි. බලාපොරොත්තු රහිත/ තනි; කේවල (සං. නිරපෙක්ෂ)
නිරභිලාෂි
වි. ඇලීමක් නැති (සං. නිරභිලාෂ)
නිරර්ථක
වි. පලක් නැති; නිෂ්ප්රයෝජන (සං. නිරර්ථක)
නිරලඹ
වි. නිරාලම්බ
නිරවද්‍ය
වි. වැරදි නැති; දොස් නැති; නිවැරැදි (සං. නිරවද්‍ය)
නිරවශේෂ
වි. ඉතිරි නැති; සම්පූර්ණ/වෙනස් නොවන; ඒකාන්ත (සං. නිරවශෙෂ)
නිර්ජර
වි. ජරාවට නොයනසුලු (සං. නිර්ජර)
නිර්ඣර
නා.ප්‍ර. දිය ඇල්ල (සං. නිර්ඣර)
නිර්ණය
නා.ප්‍ර. නිශ්චය; නිගමනය/ විනිශ්චය; තීන්දුව (සං. නිර්ණය)
නිර්ණායක
වි. නිශ්චය කරන; ප්‍රමාණ කරන (සං. නිර්ණායක)
නිර්දය
වි. දයාව නැති; කරුණාවෙන් තොර
නිර්දිෂ්ට
වි. නිර්දේශ කළ/ දක්වන ලද; ඉදිරිපත් කළ (සං. නිර්දිෂ්ට)
නිර්දේශ පාඨය
නා. විස්තර වශයෙන් දැක්වූ ගද්‍ය කොටස
නිර්දේශක
වි. දක්වන ඉදිරිපත් කරන (සං. නිර්දේශක)
නිර්දේශනය
නා. සාධක වශයෙන් දැක්වීම; ගෙනහැර පෑම