අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 172

නිර්දේශය

නා. ඉදිරිපත් කිරීම; දැක්වීම/ නියම කිරීම; නියමය/ විස්තර කථනය (සං. නිර්දේශ)

නිර්දෝෂ

වි. දොස් නැති; වරද නැති; නිදොස්

නිර්ධන

වි. ධනය නැති; ධන හීන; දුප්පත්

නිර්ධාරණය

නා. සමූහයකින් එකක් වෙන් කොට ගැනීම (සං. නිර්ධාරණ)

නිර්නාමික

වි. නමක් සඳහන් නොවූ

නිර්නාල ග්‍රන්ථිය

නා. නාල රහිත ව යාබද පටක හරහා තම ස්‍රාවයන් රුධිරයට යවන ග්‍රන්ථිය

නිර්ප්‍රභූ

වි. ප්‍රභූ නොවන (සං. නිර්+ප්‍රභූ)

නිර්බාධිත

වි. අවහිර නොකරනු ලැබූ; බාධා විරහිත (සං. නිර්බාධිත)

නිර්භය

වි. භය රහිත; බිය නැති (සං. නිර්භය)

නිර්භීත

වි. භය නැති; බිය නොවන (සං. නිර්භීත)

නිර්මල

වි. කිලුටෙන් තොර; පිරිසිදු/ වරද නැති; දෝෂ රහිත/ නිරවුල්; අව්‍යාකූල/ පැහැදිලි (සං. නිර්මල)

නිර්මාංස

වි. මසින් තොර වූ; මස් මාලු රහිත (සං. නිර්මාංස)

නිර්මාණකරණය

නා. යමක් නිර්මාණය කිරීම; යම් ප්‍රබන්ධයක් රචනා කිරීම

නිර්මාණය

නා. නැති යමක් ඇති කිරීම/ සෑදීම; නිපදවීම/ ප්‍රබන්ධය; රචනය (සං. නිර්මාණ)

නිර්මාණාත්මක

වි. අලුත් දේ නිපදවීම සම්බන්ධ; නව නිපැයුම් පිළිබඳ

නිර්මාතෘ

නා.ප්‍ර. යමක මූලාරම්භකයා/ යම් කිසිවක් නිපදවන්නා; නිර්මාණය කරන්නා/ මැවුම්කරුවා (සං. නිර්මාතෘ)

නිර්මාපණය

නා. නිර්මාණය කිරීම; මැවීම (සං. නිර්මාපණ)

නිර්යාණ

වි. නිවනට පමුණුවන (සං. නිර්යාණ)

නිර්යාත

වි. අපනයනය කළ; විදේශයන්ට යැවූ

නිර්ලජ්ජ

වි. ලජ්ජාවෙන් තොර වූ (සං. නිර්ලජ්ජ)

නිර්ලෝභ

වි. ලෝභ නැති; මසුරු නොවන (සං. නිර්ලොභ)

නිර්ව්‍යාජ

වි. බොරු නැති; රැවටීමක් නැති; සත්‍ය වූ (සං. නිර්ව්‍යාජ)

නිර්ව්‍යාධි

වි. නීරෝග; ලෙඩ නැති (සං. නිර්ව්‍යාධි)

නිර්වාණය

නා. නිවන (සං. නිර්වාණ)