අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 173
නිර්වාණාධිගමය
නා. නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම; නිර්වාණාවබෝධය (සං. නිර්වාණ+අධිගමය)
නිර්වාණාවබෝධය
නා. නිවන වටහා ගැනීම
නිර්විඝ්න
වි. උවදුරක් නැති (සං. නිර්විඝන)
නිර්වින්දන
වි. විඳීම් ස්වභාවයක් නැති; අසංවේදන
නිරාකරණය
නා. විසඳීම; සමථය (පා. සං. නිරාකරණ)
නිරාකුල
වි. කලබල නොමැති; කරදර නැති/ අවුල් නොවූ; වියවුල් නොමැති/ පැහැදිලි; සරල; නොපැටලෙන (පා. සං. නිරාකුල)
නිරාමිෂ
වි. කෙලෙසුන්ගෙන් වෙන් වූ; උතුම් (පා. නිරාමිස සං. නිරාමිෂ)
නිරායුධ
වි. ආයුධ රහිත; යුද අවි නැති (සං. නිරායුධ)
නිරායුධකරණය
නා. යුද අවි තැනීම නවතා සටන් වැදීමේ ශක්තිය නැති කර දැමීම
නිරාලම්බ
වි. නොඑල්බෙන; නිදහස්/ පිහිටක් නැති (පා. සං. නිරාලම්බ)
නිරාවරණය
නා. අනාවරණය; එළිදරව් කිරීම (සං. නිරාවරණ)
නිරාශා
වි. ආශාවන්ගෙන් තොර; තෘෂ්ණා විරහිත (සං. නිරාශා)
නිරීක්ෂණය
නා. විමසුම් ඇසින් විශේෂ අවධානයෙන් බැලීම (සං. නිරීක්ෂණ)
නිරුද්ධ
වි. විනාශයට පත්; අභාවයට ගිය (පා. සං. නිරුද්ධ)
නිරුපද්‍රව
වි. උවදුරු නැති; හානි නැති (සං. නිරුපද්‍රව)
නිරුපද්‍රැත
වි. උවදුරු රහිත (සං. නිරුපද්‍රැත)
නිරුපධිශේෂ
නා.ප්‍ර. ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසීම (පා. නිරුපධිසෙස සං. නිරුපධිශෙෂ)
නිරූපණය
නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම/ ක්‍රියාත්මක කර පෙන්වීම; ප්‍රදර්ශනය (සං. නිරූපණ)
නිරෝග
වි. ලෙඩින් තොර; කායික හා මානසික ආබාධවලින් තොර (පා. නිරොග සං. නීරොග)
නිරෝධය
නා. අභාවය; විනාශය/ වැළැක්වීම; නැවැත්ම/ නිරෝධ සමාපත්තිය/ නිවන (පා. සං. නිරොධ)
නිරෝධායනය
නා. රෝගාබාධ බෝවීම වැළැක්වීම සඳහා ආශ්රිතයයන් වෙන් කර තැබීම
නිල
1. නා.ප්‍ර. තනතුර; නිලය (දෙ. நிலை) 2. ශරීරයේ පිහිටා ඇති මර්මස්ථානය නා. නීල වර්ණය (පා. සං. නීල)
නිල කාලය
නා. පදවියක රැඳී සිටින කාලය
නිල නොලත්
වි. විධිමත් ව පත්වීම් නොලැබ රාජකාරි කරන