අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 174
නිල බලය
නා. තනතුර නිසා හිමි වන අධිකාරය
නිල මුද්‍රාව
නා. පදවිය පිළිබඳ සලකුණ; නිලයක් සනාථ කිරීම සඳහා වන තොරතුරු ඇතුළත් සටහන
නිල ලකුණ
නා. නිල ලාංඡනය
නිල ලාංඡනය
නා. පදවිය හෝ තනතුර හෝ හඳුනා ගැනීමට ඇති සලකුණ
නිලංකාරය
නා. ශාරීරික විසංඥ ගතියට පෙර මොහොතකට පමණ ඇති වන ඇස් අඳුරු වීම; විභ්‍රමය
නිලතල
නා.බහු. තනතුරු; පදවි
නිලධරයා
නා. තනතුරක් දරන්නා
නිලධාරි
වි. තනතුරට අයත් නා.ප්‍ර. තනතුරක් දරන්නා
නිලධාරිනිය
නා. පදවියක් හෙවත් නිලයක් දරන කාන්තාව
නිලමැස්සා
නා. ඩිප්ටෙරා ගෝත්‍රයට අයත් නිල් පැහැති මැසි වර්ගයක්
නිලමේ
නා. රජවරුන් විසින් පත් කරන ලද නිලධරයා/ උඩරට ප්‍රභූ පවුල්වලට හෝ වැදගත් කුලයට හෝ අයත් තැනැත්තා (දෙ. நிலைமை)
නිලඹර
නා.ප්‍ර. නිල්වන් අහස/ නිල් පාට රෙද්ද (සං. නීලාම්බර)
නිලය
1. නා. වාසය; වාසස්ථානය/ නවාතැන (පා. සං. නිලය) 2. තනතුර; පදවිය (දෙ. நிலை) 3. ශරීරයේ පිහිටා ඇති මර්මස්ථානය
නිලවරණය
නා. නිලයක් සඳහා කෙනකු තෝරා ගැනීමට පවත්වන ඡන්ද විමසීම
නිල් කටරොළු
නා.ප්‍ර. නිල් පැහැ මල් විශේෂයක්
නිල්මිණි
නා.ප්‍ර. නිල් පාට මැණික් විශේෂයක් (සං. නීලමණි)
නිල්වලා
නා.ප්‍ර. නිල් පැහැති වලාකුළු; නීල වර්ණ ජලය/ දකුණු ලක පිහිටි ගංගාවක නාමය
නිලිවැස්ස
නා. නොකඩවා වසින සිහින් පොද සහිත වැස්ස
නිලීන
වි. සැඟවුණු; නොපෙනෙන (පා. සං. නිලීන)
නිලුපුල්
නා.ප්‍ර. නිල් මහනෙල්; ඉන්දීවර (පා. නීලුප්පල සං. නීලොත්පල)
නිවන
නා. රාගාදි ගිනි නිවාලීමෙන් ලබන සැනසිල්ල (පා. නිබ්බාන සං. නිර්වාණ)
නිවනවා
ක්‍රි. ගිනි ආදිය නැති කරනවා/ උණුසුම අඩු කරනවා/ සංසිඳුවනවා
නිවරණය
නා. හංවඩුව; අඩයාළම
නිවර්තන
වි. නවතන; අවසන් වන/ මකර හා කර්කටක යන නිවර්තන දෙක ඇතුළත පිහිටි (පා. නිවත්තන සං. නිවර්තන)