අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 175

නිවාරණය

නා. දුරු කිරීම; වැළැක්වීම; සංසිඳවීම (පා. සං. නිවාරණ)

නිවාසස්ථානය

නා. වාසය කරන තැන; නවාතැන

නිවේදනය

නා. දැනුම්දීම; දැන්වීම (සං. නිවෙදන)

නිවේශනය

නා. ඇතුළු කිරීම; ප්‍රවිෂ්ට කිරීම (සං. නිවෙශන)

නිවේසනය

නා. නිවාසය; නිවස (පා. සං. නිවෙසන)

නිශ්චය

නා.ප්‍ර. ස්ථිර ලෙස ගන්නා ලද නිගමනය; තීන්දුව (සං. නිශ්චය)

නිශ්චල

වි. සෙලවීමක් නැති; ස්ථාවර (සං. නිශ්චල)

නිශ්චිත

වි. නියමිත; ඒකාන්ත; නො අනුමාන (සං. නිශ්චිත)

නිශ්ශංක

වි. සැකයෙන් තොර; නිසැක (සං. නිඃශඞ්ක පා. නිස්සඞ්ක)

නිශ්ශබ්ද

වි. ශබ්දයක් නැති; නිහඬ; තුෂ්ණීම්භූත (සං. නිඃශබ්ද)

නිශ්ශරණාධ්‍යාශය

නා. නිස්සරණාධ්‍යාසය

නිශ්ශේෂ

වි. ඉතිරියක් නැති/ සකල (සං. නිඃශෙෂ)

නිශ්ශෝකී

වි. ශෝක නොකරන; කනගාටුවක් නැති (සං. නිඃශොක)

නිශ්‍රය

නා.ප්‍ර. ඇසුර; ආශ්‍රය/ ඇසුරු කරන තැන/ හේතුව; නිමිත්ත (සං. නිශ්‍රය)

නිශ්‍රිත

වි. ඇසුරු කළ; ඇතුළත්

නිශ්‍රීක

වි. නිසරු/ සුන්දරත්වයෙන් තොර (සං. නිශ්‍රීක)

නිශා

නා.ප්‍ර. හිරු බැසීම හා උදාව අතර වූ අඳුරු කාලය; රාත්‍රිය (සං. නිශා)

නිශාචර

වි. රාත්‍රී කාලයේ හැසිරෙන (සං. නිශාචර)

නිෂ්කණ්ටක

වි. කටු නැති/ සොර සතුරු උවදුරු නැති (සං. නිෂ්කණ්ටක)

නිෂ්කර්ෂණය

නා. සාරය වෙන් කොට ලබා ගැනීම (සං. නිෂ්කර්ෂණ)

නිෂ්කලංක

වි. නිකැලැල්; නිර්මල/ ආබාධ රහිත/ සන්සුන්/ විවේකී (සං. නිෂ්කලඞ්ක)

නිෂ්ක්‍රමණය

නා. නික්ම යෑම/ විගමනය (සං. නිෂ්ක්‍රමණ)

නිෂ්ක්‍රාන්ත

වි. නික්මුණු; පහව ගිය (සං. නිෂ්ක්‍රාන්ත)

නිෂ්ක්‍රීය

වි. ක්‍රියාකාරී නොවන; ප්‍රතිඵලයක් නොදෙන (සං. නිෂ්ක්‍රීය)

නිෂ්කාරණය

නා. හේතුවක් නොමැති (සං. නිෂ්කාරණ)