අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 169

නික්ෂිප්ත

වි. බහා තබන ලද (සං. නික්‍ෂිප්ත)

නික්ෂේපණය

නා. හෙළීම; දැමීම; බහා තැබීම; තැන්පත් කිරීම/ තැන්පතුව; සඟවා තබන දෙය/ මරණය/ බෙහෙත් විදීම (සං. නික්‍ෂෙපණ)

නිකැලැල්

වි. කිලුටක් නැති; පිරිසිදු (සං. නිෂ්කලඞ්ක)

නිකිණි

නා.ප්‍ර. එනම් චන්ද්‍ර මාසය/ සොයා ගත නොහැකි දේ; දුර්ලභ දෙය

නිකෘෂ්ට

වි. පහත්; අධම (සං. නිකෘෂ්ට)

නිකෙලෙස්

වි. කෙලෙස් රහිත වූ; කෙලෙස් නැති; නොකිලිටි (පා. නික්කිලෙස)

නිගණ්ඨ

වි. තීර්ථක; ජෛනාගමික (පා. නිගණ්ඨ)

නිගමනය

නා. තීරණය; නිශ්චය; නියමය; තීන්දුව (පා. සං. නිගමන)

නිග්‍රහය

නා. නින්දාව; අවමානය (සං. නිග්‍රහ)

නිග්‍රෝධ

නා.ප්‍ර. නුග ගස (පා. නිග්‍රොධ)

නිඝණ්ඩු

නා.ප්‍ර. වචන එක්තැන් කොට සම්පාදිත කෝෂ ග්‍රන්ථය (පා. නිඝණ්ඩු සං. නිඝණ්ටු)

නිට්ටා

නා.ප්‍ර. අවසානය; කෙළවර; නිෂ්ඨාව (පා. නිට්ඨා)

නිතම්බය

නා. උකුළ; කටිය

නිත්‍ය

වි. සැමදා පවතින; නොනවත්වා පවත්වා ගෙන යන/ ස්ථිර (සං. නිත්‍ය)

නිදන්ගත රෝගය

නා. සුව නොවී කලක් පවතින ආබාධය

නිදර්ශකය

නා. විශාල යමක් නියෝජනය කිරීමට ගනු ලබන සුළු කොටස (සං. නිදර්ශක)

නිදර්ශන

නා.ප්‍ර. උදාහරණය; නිදසුන (සං. නිදර්ශන)

නිදහස් චතුරශ්‍රය

නා. ජාතික නිදහස සැමරීම වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල පිහිටි භූමි ප්‍රදේශය

නිද්ධාරණය

නා. වෙන් කර ගැනීම (පා. නිද්ධාරණ)

නිද්‍රාව

නා. නින්ද (සං. නිද්‍රා)

නිද්‍රාශීලී

වි. නින්දට ගිජු; නින්දට වඩාත් කැමති; අලස (පා. නිද්දාසීලී)

නිද්‍රොපගමනය

නා. නිදා ගැනීම; නින්දට පිවිසීම (සං. නිද්‍රා+උපගමනය)

නිදානය

නා. මුල් වූ හේතුව; මුල් කාරණය (පා. සං. නිදාන)

නිදැල්ලේ

ක්‍රි.වි. බන්ධනයකින් තොර ව; හුදෙකලාව