සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 921
නිපදවනවා
ක්‍රි. උපදවනවා; සම්පාදනය කරනවා; නිෂ්පාදනය කරනවා; තනනවා.
නිපන්
1. වි. ඇති වූ; ජනිත වූ; හටගත්; ඉපදුණු.
2. (ව්‍යාක.) වි. වෙනත් භාෂාවකින් නොපැමිණි; දේශජ; ස්වදේශයේ ම උපන්; නිෂ්පන්න.
නිපයනවා
ක්‍රි. උපදවනවා; නිෂ්පාදනය කරනවා; නිපදවනවා.
නිපරමාදි
වි. සිතෙහි එකඟබව නොසිඳී; චිත්ත ඒකාග්‍රතාවෙන් යුත්; සිහියෙන් තොර නුවූ.
නිපාත
1. නා. වැටීම; හෙළීම; පතනය.
2.(ව්‍යාක.) නා. පද වර්ගයක්.
3. නා. වාක්‍යයක නාම සහ ක්‍රියා යන පද අතරට එක් ව එයින් විවිධ අර්ථ ප්‍රකාශ කිරීමට පිහිට වන්නා වූ ද විභක්තිවල වර නොනැගෙන්නා වූ ද අව්‍යය පද,
4. නා. ඇතැම් පැරණි සම්භාව්‍ය ග්‍රන්ථවල පරිච්ඡේද.
5. නා. ක්ෂීරපායීන්ගේ ලක්ෂණයක් වශයෙන් ප්‍රසූතියෙන් පසු නිකුත් කෙරෙන, විතරණය වූ ගර්භාෂ පටලය (=decidua).
නිපාත දාහය
(පාරිභා.) නා. වකුගඩුවේ ශ්‍රෝණිය ඉදිමීම (=pyelitis).
නිපානය
1. නා. ඝන ද්‍රව්‍යයක් මගින් ජලය අවශෝෂණය හෝ අධිශෝෂණය හෝ කිරීම.
2. නා. ගව ආදි සතුන්ට පැන් බොනු පිණිස තබන දිය බඳුන; දියවළ.
නිපාලිකාව
(පාරිභා.) නා. උසස් පෘෂ්ඨවංශීන්ගේ අනුමස්තිෂ්කයේ පැත්තක වැඩී ඇති කුඩා ප්‍රසරයක් (=flocculus).
නිපැදවුම
නා. නිෂ්පාදනය කිරීම.
නිපැදවුම් ගිණුම
නා. නිෂ්පාදනය සම්බන්ධ අය-වැය දැක්වෙන ගිණුම.
නිපැයුම
නා. නිෂ්පාදනය.
නිපීඩිත
වි. බෙහෙවින් පෙළනු ලැබූ; අතිශයින් පීඩනය කරනු ලැබූ.
නිපුණ
1. වි. ප්‍රවීණ; සමත්; ශූර; විශාරද.
2. වි. සියුම්; සූක්ෂ්ම.
නිපුල
නා. ගිනිකණ; බෙහෙත් කොටන තුවක්කුවක කැප් කැටය තබන තැන.
නිපුස්
1. නා.ප්‍ර. නපුංසකයා.
2. නා.ප්‍ර. නපුංසක ලිංගය.
3. නා.ප්‍ර. ඔසප් වූ ස්ත්‍රිය; මල්වර වී සිටින තැනැත්තිය.
නිපූතිය
(පාරිභා.) නා. විෂබීජ හා බැක්ටීරියා ආදි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වීම; පූති විරහිතත්වය (=asepsis).
නිපේය
වි. බීමට සුදුසු; පානයට යෝග්‍ය.
නිපොපි
වි. කම්පා නොවූ; නොසැලුණු; සන්සුන්.
නිබද්ධ
1. වි. එකට බැඳුණු; ඈඳුණු.
2. වි. රචනා කළ; විරචිත; නිබැඳුණු.
3. වි. අඛණ්ඩ; නොකැඩී පවත්වන.
නිබන්ධනය
1. නා. බැඳීම; එකට යෙදීම; සංයුතිය.
2. නා. ගද්‍ය පද්‍ය රචනය; සාහිත්‍ය ලේඛනය.
3. නා. ඇලීම; අභිරතිය.
4. නා. තහවුරු අදහස; අධිෂ්ඨානය.
5. නා. අවහිරය; බාධකය.
6. නා. දීමනාව; පිරිනැමීම.
7. නා. හේතුව; කාරණය.
8. නා. යමක් ඔප්පු කිරීමට මූලික සාධකයක් කොට ගත් නිගමනය; පූර්ව සිද්ධාන්තය (=lemma).
නිබන්ධය
1. නා. බැඳී පවත්නා බව; අස්තිත්වය; සංයුතිය.
2. නා. ගද්‍ය/පද්‍ය රචනය; සාහිත්‍ය /ශාස්ත්‍රීය කෘතිය.
නිබඳ
ක්‍රි.වි. නිරතුරු; නිරන්තරයෙන්; නිතොර; හැම විට.
නා.ප්‍ර. විරෝධය; දරදඬු ගතිය; මුරණ්ඩුකම.
නිබ්බකෝෂය
නා. පියස අග; අගුකොන; වහල කොන.
නිබ්බානය
නා. තෘෂ්ණාව මුළුමනින් ම නැති කිරීමෙන් ලබන අග්‍ර ඵලය; නිර්වාණය; නිවන; බුදු දහමේ ඉගැන්වෙන පරම විමුක්තිය.