සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 920
නින්ද
නා. නිද්‍රාව; චෛතසිකය හා ශරීරය අක්‍රියව ද, දෑස් වැසී ද පවතින අවස්ථාව; ස්වාභාවික විවේකි තත්ත්වය.
1. වි. ස්ථිර; නිත්‍ය ව පවතින.
2. වි. උරුමයෙන් සතු.
නින්ද පරවේණිය
(කථා.) නා. වගා කිරීමට තමාට ප්‍රවේණියෙන් අයත් වූ ඉඩම හෝ කුඹුර.
නින්ද මුත්තෙට්ටුව
නා. ඉඩම් හිමියාට මුළු අස්වැන්න ප්‍රමාණය ම දෙන පොරොන්දුව පිට අන්‍යයන් විසින් වගා කරන කුඹුර හෝ ගොවිපොළ.
නින්දගම
නා. රාජ සේවය සඳහා සිංහල රජුන් විසින් පෞද්ගලික දේපළ වශයෙන් ප්රදානය කරන ලද ජනාවාස, වතු-පිටි, කුඹුරු ආදිය සහිත ප්‍රදේශය.
නින්දනය
නා. නින්දා කිරීම; නිග්‍රහය; අපහාසය.
නින්දනීය
වි. නින්දා කටයුතු; හෙළාදැකිය යුතු; අවමන් ලැබිය යුතු.
නින්ද්ය
වි. නින්දා කටයුතු; ගර්හා කළ යුතු.
නින්දා පරිභවය
නා. නින්දාව හා අපහාසය.
නින්දාව
නා. ගර්හාව; හෙළා දැකීම; අපහාසය; නිගාව,
නින්දිත
වි. ගරහන ලද; නින්දා සහගත.
නින්න
1. වි. පහත්; මිටි.
2. වි. බෑවුම් සහිත; ගැඹුරු.
නින්නහුතය
නා. නහුත ලක්ෂ සියයකින් යුත් සංඛ්‍යාව.
නින්නාදය
නා. බෙර, ගී ආදියෙහි හඬ, ඝෝෂාව; භෘංගාදින්ගේ ශබ්දය; අබරණ ගැටීමේ ශබ්දය.
නිනාලය
(පාරිභා.) නා. ජලය උරා ගැනීම හා පිට කිරීම සඳහා ඇතැම් ජලජ ජීවීන්ගේ ශරීරයෙහි පිහිටි, කුඩා නළ විශේෂයක්.
නිනීල
1. (පාරිභා.) නා.ප්‍ර. ඉන්ඩිගෝපෙරා හෙවත් නිල් අවරිය නම් පැළෑටියේ යුෂයෙන් නිපදවා ගනු ලබන නිල් පැහැ ද්‍රව්‍යයක් (=indigo).
2. නා.ප්‍ර. නිල් වර්ණය.
නිඳු
නා. නදීන්ට අධිපති වන මුහුද; සාගරය.
නිපක
නා.ප්‍ර. ප්‍රඥාව; විශිෂ්ට ඥානය.
නිපක්ෂමධර
(පාරිභා.) වි. පක්ෂම රහිත; සත්ත්ව, ශාකවල චලනයට, ක්‍රියාකාරිත්වයට උපකාරී වන සියුම් කෙඳි වැනි උපාංග නැති (=unciltate).
නිපතන
නා.ප්‍ර. වැටීම; පතිත වීම.
නිපත්
1. නා.ප්‍ර. ඉපදීම; නිපදීම.
2. නා.ප්‍ර. ඵලය; සමෘද්ධිය.
නිපත්රය
(පාරිභා.) නා. පුෂ්පයක හෝ පුෂ්ප මංජරී ශාඛාවක හෝ හටගත් කක්ෂයෙන් විහිදෙන කුඩා පත්‍රය (=bract).
නිපත්‍රවලය
(පාරිභා.) නා. පුෂ්පයක ඡත්‍ර පාදයෙහි වැඩෙන වලය යටින් ඇති කුඩා පත්‍ර සමූහය (=involucral).
නිපත්රශල්කය
(පාරිභා.) නා. මලක ඩිම්බධර ශල්ක ආශ්රිත අක්ෂයෙන් කෙළින් ම විකසනය වන කුඩා කොරල පත්‍රය.
නිපත්‍රිකාව
(පාරිභා.) නා. කුඩා නිපත්රය (=bracteole).