සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 919
නිදිගැට
නා.ප්‍ර. නින්ද නමැති බන්ධනය; නිදිබර ගතිය.
නිදිමත
නා. නින්දට නැඹුරු ගතිය; නිදිබරබව නිසා ඇති වන මත් ගතිය.
නිදිමරනවා
ක්‍රි. නිදිවර්ජිත ව සිටිනවා; නොනිදා සිටිනවා; නිදි වරනවා.
නිදිවර්ජිත
වි. නින්ද නොමැති; නිදි නොලබන; නිදා නොගත්.
නිදිවැරීම
නා.ප්‍ර. නින්ද වැළැක්වීම; නිදිමැරීම.
නිදු
1. නා.ප්‍ර. නින්ද; නිදාගැනීම.
2. නා.ප්‍ර. හීන කුල ඇත්තා; කුලහීනයා; සැඩොලා; වසලයා.
3. නා.ප්‍ර. සොරා.
නිදුක්
වි. දුක් නැති; දුකින් තොර.
නිදුකා
නා. දුක් නැති තැනැත්තා; දුකින් තොර පුද්ගලයා.
නිදෙස
නා. හේතු දැක්වීම; විස්තර කිරීම; විස්තර විභාගය; නිර්දේශය.
නිදොස්
වි. දොසින් තොර; වරද රහිත; නිවැරදි.
නිධන
නා.ප්‍ර. අභාවය; මරණය.
නිධනප්රාප්ත
වි. මියගිය; අභාවයට පත්.
නිධ්රැවකය
(පාරිභා.) නා. විද්‍යුත් කෝෂයක හයිඩ්රජන් වායු බුබුලු හටගැන්ම වැළැක්වීම (=depolarisation (of cell)).
නිධාන මුදල
(පාරිභා.) නා. රජයට හෝ වෙළඳ සමාගමකට හෝ ණයට දෙන මුදල (=stock).
නිධානය
1. නා. සඟවා තැබූ වස්තුව; නිදන් වස්තුව,
2. නා. ස්වයංජාත රත්න සම්භාරය.
3. නා. ප්රභවයට හේතු වූ ස්ථානය; උත්පත්ති ස්ථානය.
4. නා. ආකරය.
නිධිකර්පර රේඛනය
(පාරිභා.) නා. එක්ස් (X) කිරණ ආධාරයෙන් මස්තිෂ්කයේ හෙවත් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රේඛීය සටහන් සකස් කර ගැනීම (=encephalography).
නිධිකර්පරදාහය
(පාරිභා.) නා. මොළය ඉදිමීමෙන් වන ආබාධයක් (=encephalitis).
නිධිකර්පරය
(පාරිභා.) නා. මොළය; මස්තිෂ්කය (=encephalon).
නිධිප්රාප්ත
වි. නිදන් වස්තුව අත්පත් කරගත්; නිධානය ලබාගත්.
නිධිය
1. නා. උත්පත්ති ස්ථානය; වාසස්ථානය.
2. නා. නිධානය; තැන්පත් කොට හෝ සඟවා තැබූ වස්තුව.
3. නා. ගංගා, සුළං ආදියෙන් ගෙනවුත් තැන්පත් වූ ද්‍රව්‍ය සම්භාරය.
නිධිසාධනය
(පාරිභා.) නා. ගංගා, සුළං ආදි ස්වාභාවික කාරකයන් මගින් ගෙනවුත් නිධියක් වශයෙන් තැන්පත් කිරීම (=deposition).
නිධීශ
නා.ප්‍ර. නිධිපතියා; කුවේරයා.
නිනද
1. නා.ප්‍ර. නාදය; හඬ; ඝෝෂාව.
2. නා.ප්‍ර. බෙර ගී ආදියෙහි හඬ; භෘංග ආදින් නඟන රාවය.
නිනව්ව
1. නා. නිගමනය; තීරණය.
2. නා. සිහිකල්පනාව; නිච්චිය; නිශ්චය; මතකය.
3. (කථා.) නා. නියම ස්ථානය; නිවැරදි ප්‍රදේශය.