සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 918
නිදහස් චතුරශ්‍රය
නා. නිදහස සැමරීම සඳහා තනන ලද නිදහස් මන්දිරයට අයත් සතරැස් භූමි භාගය.
නිදහස් චෙක්පත
නා. මුදල් ගණන සඳහන් නොකළ චෙක්පත; ආදායකයාට කැමති මුදලක් ගත හැකි පරිදි දෙනු ලබන චෙක්පත.
නිදහස් පනත
නා. නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1972 මැයි මස 22 දින සම්මත කර පනවා ප්‍රතිෂ්ඨාපනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
නිදහස් මන්දිරය
නා. 1948 දී ශ්‍රී ලංකාවට ජාතික නිදහස ලැබීමේ අවස්ථාව අනුස්මරණය සඳහා කොළඹ 7 පෙදෙසේ තනවා ඇති ගොඩනැගිල්ල.
නිදහස් වෙළඳාම් ක්‍රමය
නා. රජයේ බාධාවක් නොමැති ව කරන ආනයන හා අපනයන වෙළඳාම.
නිද්දන
වි. ධනය නැති; දුප්පත්; දිළිඳු; නිර්ධන.
නිද්දානය
1. නා. කැපීම.
2. නා. වල් පැළෑටි ඉවත් කිරීම; වල් නෙළීම.
නිද්දිට්ඨ
වි. දක්වන ලද; නිර්දේශ කළ.
නිද්ධමනය
නා. අපිරිසිදු ජලය පිට වන මඟ; ජලාපවහන මාර්ගය; කානුව.
නිද්ධාරණය
1. නා.වෙන් කර ගැනීම; උපුටා එකතු කර ගැනීම.
2. (ව්‍යාක.) නා. සමූහයකින් එකක් වෙන් කර ගැනීම; නිර්ධාරණය.
නිද්‍රාකාරකය
(පාරිභා.) නා. නින්ද ඇති කරන දෙය; නිද්‍රා ජනකය (=soporific).
නිද්රාචලනය
(පාරිභා.) නා. ස්පර්ශය හේතු කොටගෙන නිදිකුම්බා, මී මොසොයිඩේ ආදි ශාකවල පත්‍රිකා හැකිළීම; සංයුක්ත පත්‍රයක පත්‍රිකා රාත්‍රියේ දී හැකිළීම. (=sleep movement).
නිද්‍රාජනක
1. වි. නිදි උපදවනසුලු.
2. වි. ක්‍රියාශීලී නොවන; අලස; උදාසීන.
නිද්රානාශය
නා. නිදි නැති වීම; නින්ද නොයාමේ ස්වභාවය.
නිද්රාපගමනය
[නිද්‍රා + අපගමනය]
නා. නින්ද පහවීම; නින්ද දුරු කිරීම; නිදි වැළැක්වීම.
නිද්‍රාව
නා. නින්ද; නිදීම; සැතපීම.
නිද්‍රෝපගත
[නිද්‍රා + උපගත]
1. වි. නින්දට වන්; නිඳි ගත්; නින්දට පැමිණි.
2.(රූඪි.) වි. කුසීත; අක්‍රිය; ක්‍රියාශීලී නොවන.
නිදාඝය
1. නා. නියඟය; නියං සමය.
2. නා. ගිම්හානය; ගිම්හානයේ උණුසුම.
3. නා. උණුසුම.
නිදානය
1. නා. මුල් වූ හේතුව; මුල් කරුණ.
2. නා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල ඇති පරිදි ඒ දේශනා පැවැත්වීමට හේතු වූ අවස්ථාව දක්වන කොටස.
නිදැල්ලේ
ක්‍රි.වි. අවහිර, බාධා නොමැති ව; බැඳීමකින් තොර ව; නිදහස්.
නිදැළියා
නා. කරුණාව නැති තැනැත්තා; අකාරුණිකයා.
නිදි
1. නා.ප්‍ර. නින්ද.
2. නා.ප්‍ර. නින්දා; අවමාන.
1. වි. නින්දිත; පහත්; ගර්හිත.
2. වි. නින්දට ගිය; නින්ද පිළිබඳ; නින්ද හා සම්බන්ධ.
නිදි කිරනවා
ක්‍රි. නිදිමත නිසා හිස පහත් වෙනවා හෝ කඩා වැටෙනවා; නිදි කිරා වැටෙනවා.
නිදිකලන්ගාතේ
ක්‍රි.වි. නින්ද සහිත ක්ලාන්තයෙන්; නිදිමත ඇති ව; නිදිබර ගතියෙන්; නින්දට බර වූ; නිදිමතේ.