නිපාත

nipāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැටීම; හෙළීම; පතනය.
2.(ව්‍යාක.) නා. පද වර්ගයක්.
3. නා. වාක්‍යයක නාම සහ ක්‍රියා යන පද අතරට එක් ව එයින් විවිධ අර්ථ ප්‍රකාශ කිරීමට පිහිට වන්නා වූ ද විභක්තිවල වර නොනැගෙන්නා වූ ද අව්‍යය පද,
4. නා. ඇතැම් පැරණි සම්භාව්‍ය ග්‍රන්ථවල පරිච්ඡේද.
5. නා. ක්ෂීරපායීන්ගේ ලක්ෂණයක් වශයෙන් ප්‍රසූතියෙන් පසු නිකුත් කෙරෙන, විතරණය වූ ගර්භාෂ පටලය (=decidua).

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පොතක ඒක නිපාතාදී කොටසක්; වැටීම; විභක්ති වලට වර නො නැගෙන ශබ්ද කොටස; හැළීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හීම, වැටීම, අව්‍ය, නිපාතය. (පි. 338)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. deciduate
2. n. preposition

Digital Pāḷi Dictionary