බුද්ධදත්ත පාලි අකාරාදිය – 370

නිප්පොඨන

න. ගසා දැමීම; ගැසීම; තැළීම.

නිප්ඵජ්ජති

(නි+පද+ය) නිපදේ; සම්පාදනය වේ; සෑදේ; සිද්ධ වේ.

නිප්ඵජ්ජන

න. නිපදීම; සම්පාදනය; හට ගැන්ම.

නිප්ඵජ්ජිත්වා

පූ.ක්‍රි. නිපදි; නිෂ්පාදනය වී.

නිප්ඵත්ති

ඉ. සම්පූර්ණ වීම; සමෘද්ධ වීම; සිද්ධ වීම; හට ගැන්ම.

නිප්ඵන්න

3. සමෘද්ධ වූ; සිද්ධ වූ; හටගත්.

නිප්ඵල

3. ගෙඩි නැති; නිෂ්ප්‍රයෝජන වූ; ඵල රහිත වූ.

නිප්ඵාදක

3. නිපදවන්නා; සාදන්නා; හටගන්වන්නා.

නිප්ඵාදන

න. නිපදවීම; සම්පාදනය; සෑදීම.

නිප්ඵාදෙත්වා

පූ.ක්‍රි. නිපදවා.

නිප්ඵාදෙති

(නි+පද+ණෙ) උපදවයි; සම්පාදනය කරයි; සම්පූර්ණ කරයි.

නිප්ඵාදෙතු

පු. සාදන්නා; හටගන්වන්නා.

නිප්ඵාදෙතුං

නි. නිපද වන්ට.

නිප්ඵොටන

න. ඇපිල්ලීම; ගසා දැමීම; තැළීම.

නිප්ඵොටෙති

(නි+ඵුට+ණෙ) අපුල්ලයි; ගසා දමයි; බිම හපයි.

නිපාත

පු. පොතක ඒක නිපාතාදී කොටසක්; වැටීම; විභක්ති වලට වර නො නැගෙන ශබ්ද කොටස; හැළීම.

නිපාතන

න. ධාතු ප්‍රත්‍යක් නැතිව ශබ්දයක් සෑදීම; හෙළීම.

නිපාතිත

3. හෙළන ලද.

නිපාතී

3. නින්දට යන්නා.

නිපාතෙති

(නි+පත+ණෙ) නිපාතනය කරයි; හෙළයි.

නිපාන

න. ගොණුන් පැන් බොන වළ හෝ ඔරුව.

නිපුණ

3. දක්ෂ වූ; පුහුණු වූ.

නිබද්ධ

3. නිතර පවත්නා; යාච්ඥා කරනු ලැබූ; හැමදා පවත්නා.

නිබද්ධං

ක්‍රි.වි. නිතර; හැමදා.