පරිග්‍රහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තරයේ ගැනීම ; අල්ලා ගැනීම ; ග්‍රහණය.
2. ප්‍රතිග්‍රහණය ; පිළිගැනීම.
3. මුළුමනින් ම විමසා බැලීම ; තරයේ අවබෝධ කිරීම.
4. විවාහය ; සරණ බන්ධනය ; පාණිග්‍රහණය.
5. (පාරිභා) ධාරණය ; දරා සිටීමේ ශක්තිය.
6. භාර්යාව ; බිසොව.
7. පිරිවර ; පරිවාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අල්ලා ගැනීම; ග්‍රහණය/ අවබෝධ කිරීම; ධාරණය (සං. පරිග්‍රහ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. n. comprehension