සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1001
පරිකල්පනය
නා. සිතා ගැනීම ; අනුමාන සිතිවිල්ල ; අනුමානය.
පරිකල්පිත
වි. සිතන ලද ; සලකනු ලැබූ.
පරිකල්පිතය
නා. සිතෙහි පහළ කරගත් අදහස, කල්පනා මාත්‍රය ; සිතුවිල්ල.
පරිකවචය
(පාරිභා.) නා. මෘද්වඞ්ගී සතුන්ගේ කටුව පිටපැත්තේ ඇති තුනී තට්ටුව.
පරික්ඛාර
නා.ප්‍ර. පෞද්ගලික පරිහරණය සඳහා ගනු ලබන ඇඳුම්, පාත්‍ර, සිවුරු ආදි භාණ්ඩ ; පිරිකර ; පරිෂ්කාර.
පරික්ලිෂ්ට
වි. බෙහෙවින් හිරිහැරයට පත් ; බලවත් වේදනා සහගත වූ.
පරික්ලේශය
නා. දුක් පීඩාව ; කරදරය ; හිරිහැරය ; අමාරුව.
පරික්ෂය
නා.ප්‍ර. සෑම අයුරකින් ම ගෙවී යෑම ; මුළුමනින් ම නැති වීම ; සියල්ල අවසන් වීම.
පරික්ෂිණ
1. වි. බෙහෙවින් ගෙවී ගිය.
2. (පාරිභා.) වස්තු භංගත්වයට පත්වූ ; දේපල හානි වූ.
පරික්ෂිත
වි. තුවාල කරන ලද ; තුවාල වූ.
පරික්ෂිප්ත
වි. හාත්පසින් වටකරන ලද ; වටේට දමන ලද.
පරික්ෂේපය
නා. වට කිරීම ; සිසෑරීම.
පරික්‍රමණය
නා. වටා ගමන් කිරීම ; යමක් වටේට යාම.
පරිකීර්ණ
වි. ගැවසී ගත් ; විසිර ගිය ; පැතුරුණු.
පරිකීර්තිත
වි. ප්‍රකාශ කරන ලද ; එළිදරවු කරන ලද ; කියන ලද.
පරිකේන්ද්‍රය
(පාරිභා.) නා. වටා ඇඳි වෘත්තයක මැද තිත ; පරිවෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍යය.
පරිකෝණය
(පාරිභා.) නා. සෘජුකෝණ සතරක ප්‍රමාණ වූ කෝණය.
පරිකෝෂ්ඨනය
(පාරිභා.) නා. ජීවියකු ආරක්ෂාව සඳහා තමා වටා කෝෂයක් තනා ගැනීම.
පරිගණකය
නා. විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන ස්වයංක්‍රිය ගණක යන්ත්‍රය ; කොම්පියුටරය.
පරිගණනාව
නා. නිසැක ව අවබෝධ කර ගැනීම; නිවැරදි ව ගණන් ගැනීම ; ස්ථිර කොට දැනගැනීම.
පරිගණිත
වි. නිසැක ව දැනගත් ; නිවැරැදි ව ගණන් ගත්.
පරිගත
වි. වට කරන ලද ; මායිම් කරන ලද ; වට වී තිබෙන.
පරිගලිත
වි. ගිලිහුණු ; ඇද හැලුණු ; ගිලිහී ගිය.
පරිග්‍රහ
1. නා.ප්‍ර. තරයේ ගැනීම ; අල්ලා ගැනීම ; ග්‍රහණය.
2. ප්‍රතිග්‍රහණය ; පිළිගැනීම.
3. මුළුමනින් ම විමසා බැලීම ; තරයේ අවබෝධ කිරීම.
4. විවාහය ; සරණ බන්ධනය ; පාණිග්රහණය.
5. (පාරිභා) ධාරණය ; දරා සිටීමේ ශක්තිය.
6. භාර්යාව ; බිසොව.
7. පිරිවර ; පරිවාරය.