සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1002
පරිග්‍රහණ
1. නා.ප්‍ර. දැඩි කොට අල්ලා ගැනීම ; තරයේ ගැනීම ; දෘඪ ග්‍රහණය.
2. පරීක්ෂා කිරීම ; තරයේ කරන විමසීම ; විමංසනය.
3. විවාහය ; පාණිග්රහණය.
පරිග්‍රාහී
(පාරිභා.) වි. අල්ලා ගැනීම පිණිස යොදා ගැනෙන.
පරිගුදය
(පාරිභා.) නා. ගුදය වටේ ප්‍රදේශය ; පරිපායුව.
පරිගෘහිත
වි. අරක් ගත් ; අයිති කර ගත් ; විසුම් ගත්.
පරිගෝලය
(පාරිභා.) නා. ගෝලයක් මැදි කර ගෙන ඒ වටා පිහිටි ගෝලය.
පරිඝය
1. නා. මුගුර ; යකඩ පොල්ල ; පරිඝ දණ්ඩ.
2. (පාරිභා.) ගෙල හිර කිරීමෙන් රුධිර සංසරණය නැවැත්වීම.
පරිඝාතනය
නා. මහා විනාශය ; මුළුමනින් වනසා දැමීම.
පරිචක්‍රය
(පාරිභා.) නා. සෛල කඳක මුල සිට අග තෙක් හරි මැදින් දක්නට ඇති මොළොක් පටකයෙන් පිරුණු නහරයක් වැනි නාලය ; කඳේ මැද කුහර ; ඉරුමදය.
පරිචය
නා.ප්‍ර. පුරුද්ද ; පළපුරුද්ද ; පුහුණුව ; අත්දැකීම.
පරිචර්මය
(පාරිභා.) නා. ශාකයක පොත්තේ ආරක්ෂාවට ඇති සුඹුල.
පරිච්ඡද
1. නා.ප්‍ර. උපකරණය.
2. පිරිවර.
3. පිරිකර.
පරිච්ඡින්න
වි. පිරිසිඳින ලද ; සීමා කළ ; වෙන් කළ ; අන්‍යෝන්‍ය ව වෙන් කළ.
පරිච්ඡේදය
1. නා. (පොතක) වෙන් කොටගත් කොටස ; යම් කාරණයකට අදාළ ඛණ්ඩය හෙවත් කොටස.
2. ඉම ; වෙන් කරන ඉර ; සීමාව ; මායිම.
පරිචාරක
වි. සේවය කරන ; පිරිවරා ගත් ; එක් ව හැසිරෙන ; උපස්ථායක.
පරිචාරිකාව
1. නා. පරිවාර ස්ත්‍රිය.
2. භාර්යාව ; අඹුව
පරිචිත
වි. පුරුදු කළ ; නොකඩවා පුහුණු වූ ; අත්දැකීම් ලත්.
පරිචුම්බනය
නා. වැලඳ ගෙන සිප ගැනීම.
පරිචුම්බිත
වි. වැලඳ සිප ගන්නා ලද.
පරිජනයා
නා.බහු. පිරිවර ජනයා ; පරිවාර ජනයා.
පරිජානනය
නා. පිරිසිඳ දැනීම ; සම්පූර්ණ ලෙස දැනීම.
පරිජායාංග
(පාරිභා.) වි. මලක මණිපත්‍ර, දල හා රේණු දරා තිබෙන ග්‍රාහය ගැඹුරු කොපුවක් බවට වැඩී තිබෙන.
පරිජීර්ණ
වි. බෙහෙවින් දිරාගිරය ; අතිශයින් දිරාපත්.
පරිඥානය
නා. මනා දැනීම ; පිරිසිඳ දැනීම.
පරිණත
1. වි. මේරූ ; මුහුකුරා ගිය.
2. පැසුණු ; ඉඳුණු.
3. උසස් පරිණාමයකට පත්; වැඩිදියුණුවට පත්.