සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1003
පරිණතිය
(පාරිභා.) නා. මුහුකුරා යෑම ; පරිණත වීම වීම ; සම්පූර්ණයෙන් වැඩීම.
පරිණය
නා.ප්ර. විවාහය ; සරණ බන්ධනය.
පරිණාම වාදය
නා. පරම්පරාවෙන් පරම්පරාවට සත්වයන් වෙනස්වීමත් ඒ වෙනස්වීම් _ සහජයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගොස් එකතු වීම නිසා මුල් සත්වයන්ට මුළුමනින්ම වෙනස් සත්ව විශේෂයක් පහළ වන බව පැවසෙන වාදය.
පරිණාමකය
(පාරිභා.) නා. සංඛ්යාතයේ වෙනසක් නොකොට එක්තරා වෝල්ටීයතාවක වූ ප්රත්යාවර්තක විද්යුත් ධාරාවක් අනෙක් වෝල්ටීයතාවකට හරවන මෙවලමක්.
පරිණාමය
1. නා. මේරීම ; මුහුකුරා යෑම.
2. ක්රමයෙන් වෙනස් වීම; විපර්යාසය ; අන්ය ස්වභාවයකට පත් වීම.
පරිණාමික
[වි.) පිරිනමන ලද; පවරන ලද ; අත්කර දෙන ලද.
පරිණායකයා
1. නා. උපදේශකයා ; අනුශාසකයා.
2. රක්ෂා කරන්නා ආරක්ෂකයා ; සැමියා.
3. අධිපතියා ; අධීශ්වරයා ; ආඥාදායකයා.
පරිණාහය
නා. මහත ; විශාලත්වය ; පළල ; වටප්රමාණය.
පරිණිත
වි. විවාහ වූ ; සරණ බන්ධනයෙන් බැඳුණු.
පරිතල
(පාරිභා.) වි. පැළයක කඳේ පෘෂ්ඨයට සමාන්තර ව පිහිටි.
පරිත්ත
1. නා.ප්ර. ආරක්ෂාව ; රැකවරණය ; රැකීම
2. ආරක්ෂාව උදෙසා දෙසනු ලබන බෞද්ධ සූත්ර ධර්ම සමූහයක්; පරිත්රාණ ධර්මය ; පිරිත්.
වි. අල්ප ; මඳ ; ස්වල්ප ; කුඩා.
පරිත්යාගය
1. නා. හාත්පසින් හැර දැමීම; අයින් කිරීම.
2. ආදරයෙන්, ශ්රද්ධාවෙන්, භක්තියෙන් පිරිනැමීම ; පිදීම ; ප්රදානය ; ත්යාගය ; දීමනාව.
පරිත්රාණ දේශනාව
නා. පිරිත් සජ්ඣායනා කිරීම ; පිරිත් ගායනය.
පරිත්රාණය
1. නා. ආරක්ෂාව ; රැකවරණය.
2. ආරක්ෂාව උදෙසා දේශනා කරන පිරිත්.
පරිතාපය
1. නා. ගින්න ; උෂ්ණය ; තාපය.
2. වේදනාව ; පීඩාව ; ශෝකය ; දුක.
පරිතුෂ්ට
වි. හැම ලෙසින් ම සතුටු වූ ; සම්පූර්ණයෙන් සන්තෝෂයට පත්.
පරිතෝෂය
1. නා. මහත් සතුට ; අධික සන්තෝෂය.
2. සතුටු පඬුර.
3. වට්ටම.
පරිදහනය
1. නා. හාත්පසින් දැවීම ; තැවිල්ල ; පරිදාහය.
2. රෙදිපිළි සිරුර මත ඔතා ගැනීම ; වස්ත්රයෙන් සැරසීම ; රෙදි පිළි ඇඳීම.
පරිදාහය
නා. හාත්පසින් දැවීම ; දැවිල්ල ; උෂ්ණය ; ගිමන ; විඩාව.
පරිදේවය
නා. හඬමින් වැලපීම.
පරිදෝලි
(පාරිභා.) වි. හාත්පසින් පැද්දෙන ; සෙලවෙන සුලු; දෝලායමාන.
පරිධ්රුවක
වි. පොළොවේ ධ්රැවය හාත්පස පිහිටි.
පරිධානය
නා. වැස්ම ; ඇඳුම ; යටි කයට අඳින ඇඳුම.
පරිධි කෝණය
නා. වෘත්තයක ඉමෙහි (පරිධියෙහි) පිහිටි කෝණය.